සිරස්තල
හෝමුස් සමුද්‍ර සන්ධියෙන් ඉරානයට ප්‍රහාර එල්ල කිරීමට කිසිවෙකුට ඉඩ දෙන්නේ නැහැ – ඉරාන විදේශ අමාත්‍යාංශය මෙවර අලුත් අවුරුද්දට පොදු නැකැත් සීට්ටුවක් 2026 ඔස්කාර් සම්මාන උළෙල: හොඳම නළුවා මයිකල් බී. ජෝර්ඩන් ඩ්‍රෝන ප්‍රහාරයක් හේතුවෙන් ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ මෙහෙයුම් තාවකාලිකව නවතී රුපියල් බිලියන 3ක හෙරොයින් සමඟ බහුදින යාත්‍රාවක් දික්ඕවිටට, බේරුවලදී තවත් වැටලීමක් රුපියල් බිලියන 10ක දැවැන්ත මත්ද්‍රව්‍ය සහ ගිනිඅවි තොගයක් නාවික හමුදා භාරයට අමෙරිකානු ඉන්ධන පිරවුම් යානයක් ඉරාකයේදී කඩාවැටෙයි, ප්‍රහාරයේ වගකීම සන්නද්ධ කණ්ඩායමක් භාර ගනී නව තානාපතිවරුන් 10කට පාර්ලිමේන්තු අනුමැතිය: ප්‍රධාන රටවල් රැසක රාජ්‍යතාන්ත්‍රික වගකීම් අලුත් වෙයි නිල් මහා සටනේ 147 වැනි අභියෝගය අද ඇරඹෙයි සාමය සඳහා ඉරානයෙන් කොන්දේසි 03ක්

අකුරේගොඩ නීතිඥ යුවළ ඝාතනයේ ප්‍රධාන වෙඩික්කරු අම්බලන්ගොඩදී කොටු වෙයි

තලංගම, අකුරේගොඩ ප්‍රදේශයේදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ අතිශය කේඩවාචකයට සම්බන්ධ ප්‍රධාන වෙඩික්කරු අද (21) අම්බලන්ගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වී

මිතුරන් සමග බෙදාගන්න

තලංගම, අකුරේගොඩ ප්‍රදේශයේදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ අතිශය කේඩවාචකයට සම්බන්ධ ප්‍රධාන වෙඩික්කරු අද (21) අම්බලන්ගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වී තිබේ.

අත්අඩංගුවට පත් සැකකරු යුද හමුදාවෙන් පලා ආ පුද්ගලයෙකු බවට තොරතුරු අනාවරණය වී ඇති අතර, නීතිඥ යුවළට T-56 වර්ගයේ ගිනිඅවියකින් මාරක වෙඩි ප්‍රහාර එල්ල කර ඇත්තේ මොහු බවට මූලික විමර්ශනවලදී තහවුරු වී ඇත.

විමර්ශනවලදී අනාවරණය වී ඇති නවතම තොරතුරු අනුව, මෙම ඝාතනය සැලසුම් කිරීමේදී ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළ පුද්ගලයෙකු දැනටමත් මෙරටින් පලා ගොස් තිබේ.

කහදූව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මොහු, වෙඩික්කරුවන් පන්නිපිටිය ප්‍රදේශයේ නවාතැන්පොළකට රැගෙන ආ පුද්ගලයා ලෙස හඳුනාගෙන ඇත. මොහු විදේශගතව සිටින ප්‍රබල අපරාධකරුවෙකු වන “කරන්දෙණියේ සුද්දා” නමැත්තාගේ සමීපතමයෙකු බව පොලිසිය පවසයි. මොහු කටුනායක ගුවන්තොටුපොළ හරහා තායිලන්තය බලා පලා ගොස් ඇති බව තහවුරු වී තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද පස්වරුවේ මෙම අපරාධයට සම්බන්ධ වාහන දෙකක් සිය භාරයට ගෙන ඇත. වෙඩික්කරු ප්‍රවාහනය කිරීම සඳහා යොදාගත් මෝටර් රථය. රටින් පලාගිය සැකකරු කටුනායක ගුවන්තොටුපොළ වෙත යාම සඳහා කුලී පදනම මත (Rent-a-car) ලබාගත් මෝටර් රථය.

ප්‍රධාන වෙඩික්කරුගෙන් ලබාගන්නා තොරතුරු මත ඝාතනය සඳහා යොදාගත් ගිනිඅවිය සොයා ගැනීමට සහ මෙම කුලී ඝාතනය සඳහා මුදල් සැපයූ පාර්ශවයන් අනාවරණය කර ගැනීමට පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි. තායිලන්තයට පලාගිය සැකකරු මෙරටට ගෙන්වා ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසියේ සහාය ලබා ගැනීමට ද නියමිතය.

වෙනත් පුවත්

උණුසුම් පුවත්