සිරස්තල
සූකර ගොවීන්ට අලුත් රක්ෂණයක් “බලශක්ති මධ්‍යස්ථාන සහමුලින්ම විනාශ කරනවා” – ඉරානයෙන් අමෙරිකාවට සහ ඊශ්‍රායලයට දරුණු අනතුරු ඇඟවීමක් ශ්‍රී ලංකාවට අඛණ්ඩව ඉන්ධන ලබාදීමට කටාර් එමීර්වරයාගෙන් සහතිකයක් පරණ QR එක අලුත් කරගන්න අද (19) සිට නව පහසුකමක්, වෙනත් අංකවලට ලියාපදිංචි කළ වාහනවලට විසඳුම් ඉන්ධන නිකුත් කිරීමේදී අද (19) සිට ‘ඔත්තේ-ඉරට්ටේ’ ක්‍රමය ක්‍රියාත්මකයි අවසරයකින් තොරව ඩ්‍රෝන පියාසර කිරීම තහනම් දුම්රිය ගමන් වාර සීමා වෙයි – බස් රථ ධාවනය සාමාන්‍ය පරිදි ඉරාන ආරක්ෂක ප්‍රධානී අලි ලරිජානි ඊශ්‍රායල ප්‍රහාරයකින් ජීවිතක්ෂයට ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළට, මැදපෙරදිග සැපයුම් ජාලය යළි සක්‍රිය වෙයි බදාදා නිවාඩුවට හේතුව මෙන්න, පොදු ප්‍රවාහනයත් සීමා වෙයි

අද ලෝක සමාජ මාධ්‍ය දිනයයි!

අද (ජුනි 30) ලෝක සමාජ මාධ්‍ය දිනය ලෙසින් සමරනු ලබනවා. වර්තමානය වන විට ලෝකයේ මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රධානතම සන්නිවේදන මෙවලම බවට සමාජ මාධ්‍ය පත් වී තිබීම

මිතුරන් සමග බෙදාගන්න

අද (ජුනි 30) ලෝක සමාජ මාධ්‍ය දිනය ලෙසින් සමරනු ලබනවා. වර්තමානය වන විට ලෝකයේ මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රධානතම සන්නිවේදන මෙවලම බවට සමාජ මාධ්‍ය පත් වී තිබීම මෙහි විශේෂත්වයයි.

සමාජ මාධ්‍ය මගින් ලෝකයේ විශාල වෙනසක් සිදු කර ඇති අතර, සමස්ත ලෝකයම එකම ස්ථානයකට ගෙන ඒමට ද එය විශාල දායකත්වයක් ලබා දී තිබෙනවා. නව මාධ්‍ය ප්‍රවණතා ඔස්සේ සමාජ මාධ්‍ය, සමාජ කණ්ඩායම්වල මූලික අංගයක් බවට පත් වී ඇති අතර, තොරතුරු ලබා දීම, විනෝදාස්වාදය සැපයීම වැනි මූලික අවශ්‍යතා ඉක්මවා ගොස් ප්‍රබල ජනමතයක් ගොඩනැගීමේ හැකියාව ද සමාජ මාධ්‍ය සතුයි.

සමාජ මාධ්‍ය විකාශනය
සමාජ මාධ්‍යවල ආරම්භය පරිගණක සහ ස්මාර්ට් දුරකථන ඔස්සේ සංකීර්ණ වී තිබෙනවා. 2002 දී Friendster, 2003 දී MySpace සහ 2004 දී Facebook ආරම්භ වීමත් සමඟ තාක්ෂණික දියුණුව ඔස්සේ විවිධාකාර වූ සමාජ මාධ්‍ය මෘදුකාංග සහ යෙදවුම් බිහි වී තිබෙනවා. මේ ඔස්සේ සමස්ත ලෝකයම එකම ස්ථානයකට එක් වීමට අවස්ථාව උදා වුණා.

ගෝලීය බලපෑම
ෆේස්බුක්, යූටියුබ්, ඉන්ස්ටග්‍රෑම්, ටික් ටොක් වැනි අති විශාල සමාජ මාධ්‍ය ජාල රාශියක් මේ වන විට ලෝකයේ සෑම සමාජ ස්ථරයක්ම නියෝජනය කරමින් මහාද්වීප යා කරමින් ක්‍රියාත්මක වෙනවා. වර්තමානය වන විට සමාජ මාධ්‍ය ලෝක දේශපාලන බල තුලනයට ද බලපෑම් කරන අතර, මානව සන්නිවේදනයේදී නැතිවම බැරි අංගයක් බවට පත්ව තිබීම ද කැපී පෙනෙන කරුණක්.

කෙසේ වෙතත්, මානව මතවාද ගොඩනැගීමට සහ මතවාද ගැටීමට හේතු විය හැකි මෙවලමක් ලෙස, සමාජ මාධ්‍ය බොහෝ පරිස්සමින් භාවිතා කළ යුතු බව ද අද වන විට පැහැදිලියි.

වෙනත් පුවත්

උණුසුම් පුවත්