සිරස්තල
ශ්‍රී ලාංකිකයින්ට මාලදිවයිනෙන් දින 90ක නොමිලේ වීසා Miss Teen Tourism තරගයට අංජානා හීනටිගල පිලිපීනය බලා පිටත්ව යයි බොරැල්ල මාරක අනතුර: දොඹකර රියදුරු මත්ද්‍රව්‍ය පානය කරලා BYD වාහන ලෝලීන්ට සුබ පණිවිඩයක් දින දෙකක ගැටුම්වලින් පසු කාම්බෝජයෙන් තායිලන්තයට සටන් විරාම ඉල්ලීමක් ගැබිනි මුවදෙන ඝාතනය කළ තවත් සැකකරුවෙක් බලපත්‍ර රහිත ගිනි අවි 3ක් සමඟින් අත්අඩංගුවට කොරියාවේදී ශ්‍රී ලාංකික සේවකයෙකු අමානුෂික හිංසනයකට ලක් වෙයි අනුරාධපුර ශිෂ්‍යත්ව පෙරහුරු ප්‍රශ්න පත්‍රයක අසභ්‍ය වචන රිතික් රෝෂන් “සිටි ඔෆ් ඩ්‍රීම්ස්” කැසිනෝ ශාලාව විවෘත කිරීමට ලංකාවට “වන අලි ඝාතන රැලි දෙකක් ක්‍රියාත්මකයි – මේ දෙවන රැල්ල” – පරිසර ඇමති පාර්ලිමේන්තුවේදී කියයි

අද ලෝක සමාජ මාධ්‍ය දිනයයි!

අද (ජුනි 30) ලෝක සමාජ මාධ්‍ය දිනය ලෙසින් සමරනු ලබනවා. වර්තමානය වන විට ලෝකයේ මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රධානතම සන්නිවේදන මෙවලම බවට සමාජ මාධ්‍ය පත් වී තිබීම

මිතුරන් සමග බෙදාගන්න

අද (ජුනි 30) ලෝක සමාජ මාධ්‍ය දිනය ලෙසින් සමරනු ලබනවා. වර්තමානය වන විට ලෝකයේ මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රධානතම සන්නිවේදන මෙවලම බවට සමාජ මාධ්‍ය පත් වී තිබීම මෙහි විශේෂත්වයයි.

සමාජ මාධ්‍ය මගින් ලෝකයේ විශාල වෙනසක් සිදු කර ඇති අතර, සමස්ත ලෝකයම එකම ස්ථානයකට ගෙන ඒමට ද එය විශාල දායකත්වයක් ලබා දී තිබෙනවා. නව මාධ්‍ය ප්‍රවණතා ඔස්සේ සමාජ මාධ්‍ය, සමාජ කණ්ඩායම්වල මූලික අංගයක් බවට පත් වී ඇති අතර, තොරතුරු ලබා දීම, විනෝදාස්වාදය සැපයීම වැනි මූලික අවශ්‍යතා ඉක්මවා ගොස් ප්‍රබල ජනමතයක් ගොඩනැගීමේ හැකියාව ද සමාජ මාධ්‍ය සතුයි.

සමාජ මාධ්‍ය විකාශනය
සමාජ මාධ්‍යවල ආරම්භය පරිගණක සහ ස්මාර්ට් දුරකථන ඔස්සේ සංකීර්ණ වී තිබෙනවා. 2002 දී Friendster, 2003 දී MySpace සහ 2004 දී Facebook ආරම්භ වීමත් සමඟ තාක්ෂණික දියුණුව ඔස්සේ විවිධාකාර වූ සමාජ මාධ්‍ය මෘදුකාංග සහ යෙදවුම් බිහි වී තිබෙනවා. මේ ඔස්සේ සමස්ත ලෝකයම එකම ස්ථානයකට එක් වීමට අවස්ථාව උදා වුණා.

ගෝලීය බලපෑම
ෆේස්බුක්, යූටියුබ්, ඉන්ස්ටග්‍රෑම්, ටික් ටොක් වැනි අති විශාල සමාජ මාධ්‍ය ජාල රාශියක් මේ වන විට ලෝකයේ සෑම සමාජ ස්ථරයක්ම නියෝජනය කරමින් මහාද්වීප යා කරමින් ක්‍රියාත්මක වෙනවා. වර්තමානය වන විට සමාජ මාධ්‍ය ලෝක දේශපාලන බල තුලනයට ද බලපෑම් කරන අතර, මානව සන්නිවේදනයේදී නැතිවම බැරි අංගයක් බවට පත්ව තිබීම ද කැපී පෙනෙන කරුණක්.

කෙසේ වෙතත්, මානව මතවාද ගොඩනැගීමට සහ මතවාද ගැටීමට හේතු විය හැකි මෙවලමක් ලෙස, සමාජ මාධ්‍ය බොහෝ පරිස්සමින් භාවිතා කළ යුතු බව ද අද වන විට පැහැදිලියි.

වෙනත් පුවත්

උණුසුම් පුවත්