සිරස්තල
ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ ඉෂාරා සෙව්වන්දිගේ මව මියයයි Air India ගුවන් අනතුරට හේතුව එන්ජින් ඉන්ධන සැපයුම කපා හැරීම බව මූලික වාර්තාවක් කියයි. එරික් මේයර් ශ්‍රී ලංකාවේ නව ඇමෙරිකානු තානාපති ධුරයට යෝජනා වෙයි මස්ක්ගේ දේශපාලනය ටෙස්ලාට ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සමාන මුදලක් අහිමි කරයි ෂී ජින්පිං කොහේද? චීනයේ තිරය පිටුපස ඇති බල අරගලය කුසල්-පැතුම් පිතිහරඹයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 7ක ජයක් YouTube වෙතින් ප්‍රතිපත්ති යාවත්කාලීන කිරීමක් පිල්ලෙයාන් පාස්කු ප්‍රහාරය ගැන පූර්ව දැනුවත්භාවයෙන් සිටි බවට අනාවරණයක් ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු ‘කෙහෙල්බද්දර පද්මේ’ අත්අඩංගුවට පාලමක් කඩා වැටීමෙන් පුද්ගලයන් 10ක් මරුට

අද සිට බස් රියදුරන්ට ආසන පටි අනිවාර්යයි – නීතිය නොතකන අයට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග

ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසන්නේ, අද (ජූලි 01) සිට බස් රථ රියදුරන් සඳහා ආසන පටි පැළඳීම අනිවාර්ය බවයි. මෝටර් රථ පනතේ ප්‍රතිපාදන අනුව බස් රථ

මිතුරන් සමග බෙදාගන්න

ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසන්නේ, අද (ජූලි 01) සිට බස් රථ රියදුරන් සඳහා ආසන පටි පැළඳීම අනිවාර්ය බවයි.

මෝටර් රථ පනතේ ප්‍රතිපාදන අනුව බස් රථ රියදුරන් ආසන පටි පැළඳීම අනිවාර්ය වුවත්, පසුගිය කාලය පුරා බොහෝ රියදුරන් මෙම නීතිය නොසලකා හැර තිබුණා. මෙම තත්ත්වය හේතුවෙන් සිදුවූ අනතුරු සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යාමක් වාර්තා වී ඇති බව සඳහන්.

මේ තත්ත්වය සැලකිල්ලට ගනිමින්, බස් රථ රියදුරන් ආසන පටි පැළඳීමේ නීතිය අද සිට යළි දැඩිව ක්‍රියාත්මක කිරීමට නියමිතයි. මෙම නීතිය අනුගමනය නොකරන රියදුරන්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කිරීමට පියවර ගනු ඇත.

එසේම, බස් රථ සහ ත්‍රිරෝද රථ ඇතුළු අනෙකුත් වාහනවල සවිකර ඇති අනාරක්ෂිත අමතර උපාංග ඉවත් කිරීමේ වැඩසටහනද අද සිට යළි ආරම්භ කරන බව පොලීසිය සඳහන් කළා.

මෙම පියවරයන් මාර්ග අනතුරු අවම කර ගැනීමට සහ මගීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට උපකාරී වනු ඇතැයි බලධාරීන් අපේක්ෂා කරයි.

වෙනත් පුවත්

උණුසුම් පුවත්