සිරස්තල
මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත-මීරිගම කොටස යළි ඇරඹේ තරගයක් අවසානයේ ප්‍රතිවාදීන්ට අතට අත දීමට නීතියක් නැහැ (BCCI) නිලධාරියෙක් මාධ්‍යයට ප්‍රකාශ කරයි මගුල් ගමනක් වෙනුවට මරණය: කටුනායක බලා ගිය වෑන් රථයක් අනතුරට දරුණු ගින්නකින් පැල්පත් නිවාස දහසකට වැඩි ප්‍රමාණයක් විනාශ වෙයි ආක්‍රමණශීලී විසිතුරු මත්ස්‍ය විශේෂ 4ක් තහනම් කෙරේ ඊයේ දිනයේ ඉන්දු-පාක් තරගයෙන් පසු මතභේදාත්මක තත්ත්වයක් මාරවිල වෙරළට අත් පා නොමැති මළ සිරුරක් ගොඩ ගසයි විස්සයි විස්ස ඉන්දු-පාක් සටනට ඩුබායි හි දැඩි ආරක්ෂාවක් දුර ගමන් බස් රථවලට අනිවාර්ය තත්ත්ව පරීක්ෂණයක් රුසියානු ඉන්ධන මිලදී ගැනීම නවත්වන ලෙස ට්‍රම්ප් නේටෝවෙන් ඉල්ලයි

අද (7) ඔබේ සෙවනැල්ල නැති වෙයි

කොළඹට සූර්යා එකඑල්ලේ මුදුන්වීම හේතුවෙන් අද 7 වන සඳුදා දහවල් 12:12ට සුළු මොහොතකට ඔබේ සෙවනැල්ල අතුරුදන්වී යන බව තාරකා විද්‍යාඥ අනුර සී. පෙරේරා මහතා පැවසීය.

මිතුරන් සමග බෙදාගන්න

කොළඹට සූර්යා එකඑල්ලේ මුදුන්වීම හේතුවෙන් අද 7 වන සඳුදා දහවල් 12:12ට සුළු මොහොතකට ඔබේ සෙවනැල්ල අතුරුදන්වී යන බව තාරකා විද්‍යාඥ අනුර සී. පෙරේරා මහතා පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ තාරකා විද්‍යාඥ අනුර සී. පෙරේරා මහතා,

“ඇත්ත වශයෙන්ම මේක දෘෂ්ඨි මායාවක්. වසරක් ගත්තාම මේ අවස්ථාවේ උපරිම සූර්ය ශක්තිය ලැබෙන කාලය ඇවිත් තිබෙන්නේ. ඒ කියන්නේ අප්‍රේල් මාසයේ මුල් සති දෙක තුළ අපේ රටට ඉහළින් සූර්යා මුදුන් වෙනවා. මේ මුදුන්වීම අප්‍රේල් 5 සිට 15 දක්වා පවතිනවා. කොළඹට සූර්යා මුදුන්වීම අප්‍රේල් 7 වනදා සිදුවෙනවා. එදින දහවල් 12:12ට කවුරු හරි එළියට ඇවිත් හිටියොත් ඒ අයගේ සෙවනැල්ල එක මොහොතකට නැති වෙලා යනවා. තමන්ගේ සෙවනැල්ල තමන්ට බලන්න බැහැ. ඒක වෙන කෙනෙක්ට බලන්න පුළුවන්.  මේ තත්ත්වය 4 වෙනිදා සිට 15 වෙනිදා දක්වා දවස් 10ක් පවතිනවා.”

“අපේ රට ඇතුළට සූර්යා පැමිණෙන්නේ 4 වෙනිදා. ඒ කියන්නේ පේදුරුතුඩුවෙන් තමයි මේ මුදුන්වීම ආරම්භ වෙන්නේ. අප්‍රේල් 5 එළමල්දෙණිය, අප්‍රේල් 6 කළුතර, අප්‍රේල් 7 කොළඹ – කැලණිය, අප්‍රේල් 8 නයිනමඩම – මහියංගණය ආදී ප්‍රදේශවලට සූර්යා මුදුන් වෙනවා. 15 වනදා පේදුරුතුඩුවෙන් සූර්යා අපේ රටෙන් ඉවත්වෙලා යනවා.”

වෙනත් පුවත්

උණුසුම් පුවත්