සිරස්තල
තෙල් හිඟයක් නෑ – බලශක්ති අමාත්‍යාංශය ජනතාවට සහතික වෙයි ඊශ්‍රායල ප්‍රහාරයකින් ඉරාන ඉහළම හමුදා අණදෙන නිලධාරී අලි ෂඩ්මානි ඝාතනය කෙරේ ප්‍රංශය සමඟ ණය ප්‍රතිව්‍යුහගතකරණ ගිවිසුම අත්සන් තබයි මෙරට ඉතිහාසයේ දැවැන්තම ලොතරැයි දිනුම ජයග්‍රහණය කරයි මැතිව්ස් සහභාගි වන අවසන් ටෙස්ට් තරගය අද ආරම්භ වෙයි ඉන්දියාව වසර 11කින් මිලියන 269ක් අන්ත දුගීභාවයෙන් මුදවා ගනී ඉරාන බුද්ධි ප්‍රධානියා ඊශ්‍රායල ප්‍රහාරයෙන් මරුට දිස්ත්‍රික්ක 7කට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කරයි බංග්ලාදේශ ටෙස්ට් තරගාවලියට අලුත් මුහුණු 6ක් සමග ශ්‍රී ලංකා සංචිතය නම් කරයි උතුරු ඉන්දියාවේ හෙළිකොප්ටර් අනතුරක්: පුද්ගලයන් 7 දෙනෙකු මරුට

අනුදි ගුණසේකර Miss World Multimedia Challenge අවසන් වටයට

66 වැනි Miss World තරගාවලියේ ශ්‍රී ලංකාව නියෝජනය කරන අනුදි ගුණසේකර, Multimedia Challenge තරගයේ අවසන් වටයට පිවිසෙමින් ඓතිහාසික ජයග්‍රහණයක් වාර්තා කර තිබෙනවා. මෙම තරග අංශයෙන්

මිතුරන් සමග බෙදාගන්න

66 වැනි Miss World තරගාවලියේ ශ්‍රී ලංකාව නියෝජනය කරන අනුදි ගුණසේකර, Multimedia Challenge තරගයේ අවසන් වටයට පිවිසෙමින් ඓතිහාසික ජයග්‍රහණයක් වාර්තා කර තිබෙනවා. මෙම තරග අංශයෙන් ශ්‍රී ලංකාවක් අවසන් වටයට සුදුසුකම් ලැබූ පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයක්.

මෙම ජයග්‍රහණයත් සමඟ අනුදි ගුණසේකර, “Fast-Track” අවස්ථා තුනකම අවසන් වටයට පිවිසීමට සමත් වී ඇති අතර, එය Miss World කිරුළ දිනාගැනීමේ ඇගේ අවස්ථාවන් තවදුරටත් ඉහළ නංවන බවට විශ්වාස කෙරෙනවා.

මෙම කැපී පෙනෙන ජයග්‍රහණය සඳහා Facebook, Instagram සහ Miss World යෙදුම ඔස්සේ ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයින්ගෙන් ලැබුණු අසීමිත “like”, “comment” සහ “share” සියල්ලම විශාල දායකත්වයක් ලබා දුන් බව අනුදි ගුණසේකර සිය කෘතඥතාව පළ කරමින් සඳහන් කළා.

අනුදිගේ මෙම ජයග්‍රහණය ශ්‍රී ලංකාවට විශාල කීර්තියක් ගෙන එන අතර, Miss World තරගාවලියේ ඇගේ ඉදිරි ගමන පිළිබඳව ශ්‍රී ලාංකිකයන් බලාපොරොත්තු සහගතව සිටිනවා.

වෙනත් පුවත්

උණුසුම් පුවත්