සිරස්තල
බදාදා නිවාඩුවට හේතුව මෙන්න, පොදු ප්‍රවාහනයත් සීමා වෙයි ලෝක කුසලාන පාපන්දු තරග මෙක්සිකෝවට මාරු කරන්නැයි ඉරානයෙන් ඉල්ලීමක් මෙරට පවතින ඉන්ධන සංචිත ප්‍රමාණවත් වන්නේ මේ දින දක්වායි සෑම බදාදා දිනකම විශේෂ රජයේ නිවාඩුවක් උපකාරක පන්ති සහ උත්සව තහනම් කාබුල් පුනරුත්ථාපන රෝහලකට ගුවන් ප්‍රහාරයක්, 400ක් මරුට “ප්‍රාණ පරිත්‍යාගීන්ගේ ලේ වෙනුවෙන් පළිගන්නවා” – ඉරාන නාවික හමුදාපතිගෙන් මාරාන්තික අනතුරු ඇඟවීමක් හෝමුස් සමුද්‍ර සන්ධියෙන් ඉරානයට ප්‍රහාර එල්ල කිරීමට කිසිවෙකුට ඉඩ දෙන්නේ නැහැ – ඉරාන විදේශ අමාත්‍යාංශය මෙවර අලුත් අවුරුද්දට පොදු නැකැත් සීට්ටුවක් 2026 ඔස්කාර් සම්මාන උළෙල: හොඳම නළුවා මයිකල් බී. ජෝර්ඩන් ඩ්‍රෝන ප්‍රහාරයක් හේතුවෙන් ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ මෙහෙයුම් තාවකාලිකව නවතී

අලුත් අවුරුද්දට ගමේ යන්න අද දිනයේත් අතිරේක ප්‍රවාහන සේවා

අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා පිටත්ව යන ජනතාව සදහා අද (13) දිනයේත් මගී අවශ්‍යතාවය මත අතිරේක බස් රථ යෙදවීමට පියවර ගෙන ඇති බව ලංකා ගමනාගමන

මිතුරන් සමග බෙදාගන්න

අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා පිටත්ව යන ජනතාව සදහා අද (13) දිනයේත් මගී අවශ්‍යතාවය මත අතිරේක බස් රථ යෙදවීමට පියවර ගෙන ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.

එම මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ධාවන පී.එච්.ආර්.ඩී. චන්ද්‍රසිරි මහතා පැවසුවේ ඊයේ පස්වරුව වන විට කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ වෙත පැමිණෙන මගී ජනතාවගේ අඩුවක් දක්නට ලැබුණු බවය.

මේ අතර කොළඹ, මාකුඹුර, කඩුවෙල සහ කඩවත යන බස් පර්යන්තවලින් අද දිනයේ ද ගම්බිම් බලා යන ජනතාව වෙත ප්‍රවාහන පහසුකම් සැපයීමට කටයුතු කරන බව ජාතික ගමනා ගමන කොමිසන් සභාවේ ධාවන හා සේවා අධීක්ෂණ අධ්‍යක්ෂ ශෙරීන් අතුකෝරල මහත්මිය පවසයි.

ඇය පැවසුවේ මේ වන විට බස් රථ යොදවා ඇති නමුත් පෙර දිනයන්ට සාපේක්ෂව මගී ඉල්ලුමක් මේ වන විට දක්නට නොමැති බවය.

කෙසේ නමුත් අද උදෑසන වන විට කොළඹ හා තදාසන්න ප්‍රදේශවල ව්‍යාපාරික කටයුතුවල යෙදෙන පුද්ගලයින් ඇතැම්විට ගම් බිම් බලා පිටත්ව යාමට පැමිණිය හැකි බැවින් ඒ සඳහා ප්‍රවාහන සේවා සැපයීමට ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පියවර ගන්නා බවය.

වෙනත් පුවත්

උණුසුම් පුවත්