සිරස්තල
වැලිකඩ රැඳවියෙකුගේ මරණය: බන්ධනාගාර නියාමකවරුන් තිදෙනෙකු අත්අඩංගුවට නාවලපිටියේදී පාසල් වෑන් රථයක් ප්‍රපාතයකට: සිසුන් 13ක් රෝහලේ සුපිරි නළු විජේගේ TVK පක්ෂයට දැවැන්ත ජයක් “ඉරානය ලෝක සිතියමෙන් ඉවත් කරනවා”: ට්‍රම්ප්ගෙන් දරුණු අනතුරු ඇඟවීමක් ජාතික සමගියේ පියවර ආපසු හරවන්නේ නෑ මුලතිව් මුහුදේදී ධීවරයින් දෙදෙනෙකු අතුරුදන්: සෝදිසි මෙහෙයුම් අඛණ්ඩව මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු වෙනුවෙන් පවත්වන රාජ්‍ය උත්සවය අද “ඒහිපස්සිකෝ” සාමයේ පණිවිඩය ලොවට රැගෙන ගිය භික්ෂූන් වහන්සේලා දිවයිනෙන් පිටව යති හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුව අද යළි කැඳවයි දකුණු ලෙබනනයේ සූර්ය පැනල විනාශ කිරීම ගැන ඊශ්‍රායලයට යුද අපරාධ චෝදනා

අවුරුදු සදහා විශේෂ ප්‍රවාහන සැලැස්මක් හෙට

දුම්රිය දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය එක්ව ඒකාබද්ධ ප්‍රවාහන සැලැස්මක් හෙට (09) සිට 21වනදා දක්වා සකස් කර තිබේ. ජාතික ගමනාගමන කොමිෂන් සභාව නිවේදනයක් නිකුත්

මිතුරන් සමග බෙදාගන්න

දුම්රිය දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය එක්ව ඒකාබද්ධ ප්‍රවාහන සැලැස්මක් හෙට (09) සිට 21වනදා දක්වා සකස් කර තිබේ.

ජාතික ගමනාගමන කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ සිංහල හා දමිළ අලුත් අවුරුද්ද සඳහා ගම්බිම් බලා පිටත්වන මගී ජනතාව වෙනුවෙන් මෙම සැලැස්ම ක්‍රියාත්මක කරන බවයි.

ඒ අනුව මහනුවර, පුත්තලම, හයිලෙවල් / ලෝලෙවල් , දඹූල්ල හා ගාල්ල යන ප්‍රධාන කොරිඩෝ 5ක් කේන්ද්‍ර කර ගනිමින් ජාතික ගමනාගමන කොමිෂන් සභාව මඟින් දුර ගමන් බස් රථ සේවා ක්‍රියාත්මක කර තිබේ.

එමෙන්ම ස්ථිර කාලසටහන්වල ධාවනය වන බස් රථවලට අමතරව අතිරේක ගමන්වාර 500ක් ධාවනය කිරීමට සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.

වෙනත් පුවත්

උණුසුම් පුවත්