සිරස්තල
තෙල් හිඟයක් නෑ – බලශක්ති අමාත්‍යාංශය ජනතාවට සහතික වෙයි ඊශ්‍රායල ප්‍රහාරයකින් ඉරාන ඉහළම හමුදා අණදෙන නිලධාරී අලි ෂඩ්මානි ඝාතනය කෙරේ ප්‍රංශය සමඟ ණය ප්‍රතිව්‍යුහගතකරණ ගිවිසුම අත්සන් තබයි මෙරට ඉතිහාසයේ දැවැන්තම ලොතරැයි දිනුම ජයග්‍රහණය කරයි මැතිව්ස් සහභාගි වන අවසන් ටෙස්ට් තරගය අද ආරම්භ වෙයි ඉන්දියාව වසර 11කින් මිලියන 269ක් අන්ත දුගීභාවයෙන් මුදවා ගනී ඉරාන බුද්ධි ප්‍රධානියා ඊශ්‍රායල ප්‍රහාරයෙන් මරුට දිස්ත්‍රික්ක 7කට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කරයි බංග්ලාදේශ ටෙස්ට් තරගාවලියට අලුත් මුහුණු 6ක් සමග ශ්‍රී ලංකා සංචිතය නම් කරයි උතුරු ඉන්දියාවේ හෙළිකොප්ටර් අනතුරක්: පුද්ගලයන් 7 දෙනෙකු මරුට

අහිතකර ආලේපන ගැන පාරිභෝගික අධිකාරියෙන් අනතුරු ඇඟවීමක්

ශරීර වර්ණය පැහැපත් කරගැනීමේ අරමුණින් සහ වෙනත් රූපලාවණ්‍ය අවශ්‍යතා සඳහා බොහෝ දෙනා භාවිත කරන විවිධ ආලේපන වර්ගවල ශරීරයට අහිතකර රසායනික ද්‍රව්‍ය අඩංගු වී තිබීමට හැකි

මිතුරන් සමග බෙදාගන්න

ශරීර වර්ණය පැහැපත් කරගැනීමේ අරමුණින් සහ වෙනත් රූපලාවණ්‍ය අවශ්‍යතා සඳහා බොහෝ දෙනා භාවිත කරන විවිධ ආලේපන වර්ගවල ශරීරයට අහිතකර රසායනික ද්‍රව්‍ය අඩංගු වී තිබීමට හැකි බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අනතුරු අඟවයි. ශ්‍රී ලංකාවේ අලෙවි වන මෙවැනි නිෂ්පාදන සම්බන්ධයෙන් අධිකාරිය කලින් කලට නිවේදන නිකුත් කරනු ලබයි.

අහිතකර රසායනික ද්‍රව්‍ය නියමිත ප්‍රමිතිය ඉක්මවා අඩංගු ආලේපන වර්ග ඒවා භාවිත කරන්නන්ට කෙටි කාලීන මෙන්ම දීර්ඝ කාලීන අහිතකර බලපෑම් ඇති කරයි. අන්තර්ජාතික නිර්ණායකය වන ISO/TR/17276 අනුව සකස් කරන ලද ශ්‍රී ලංකාවේ නීතියෙන් සම්මත කරන ලද ශ්‍රී ලංකා ප්‍රමිතී නියෝග SLS 743 අනුව, ශරීර ආලේපනයක තිබිය හැකි උපරිම රසදිය (Mercury) ප්‍රමාණය කිලෝග්‍රෑමයට මිලිග්‍රෑම් එකක් (1mg/kg) විය යුතුය. කෙසේ වෙතත්, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නිවේදනයේ දක්වා ඇති නිෂ්පාදනවල අඩංගු රසදිය ප්‍රමාණය ඉතා අධික වන අතර, ඇතැම් නිෂ්පාදනවල එය දස දහස් ගුණයන්ගෙන් ඉහළ ය.

එමෙන්ම, අධිකාරිය විසින් දක්වා ඇති ඇතැම් නිෂ්පාදනවලට කාණ්ඩ අංකයක් නොමැති අතර, එවැනි කාණ්ඩ අංකයන් නොමැතිව නිෂ්පාදන විකිණීම ද තහනම් බව අධිකාරිය අවධාරණය කරයි. මේ වන විට අධික රසදිය ප්‍රමාණයක් අඩංගු බවට නිෂ්පාදන 49ක් හඳුනාගෙන ඇත.

රසදිය ශරීරයට අහිතකර ඇයි?

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසන පරිදි, රසදිය යනු පිළිකා කාරකයක් වන අතර, බොහෝ විට සමේ පිළිකා සහ වෙනත් සංකූලතා වලට හේතු වේ. 2019 වර්ෂයේදී මෙවැනි ආලේපන වර්ග 16ක් සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සිදුකළ පරීක්ෂණයකින් අනාවරණය වූ කරුණු පිළිබඳ වාර්තා කිරීමේදී, චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ශ්‍රියානි සමරවීර මහත්මිය රසදිය අඩංගු ආලේපන භාවිත කරන්නේ නම් සිදුවන සෞඛ්‍ය ගැටලු පිළිබඳව පැහැදිලි කර තිබේ.

රසදිය ශරීරගත වීම නිසා:

  • වකුගඩු රෝග
  • ස්නායු ආබාධ
  • නොරුස්සන ගතිය
  • සිහිමද ගතිය
  • සමේ දද සහ කැළැල් ඇති වීම
  • සම දුර්වර්ණ වීම
  • ප්‍රතිශක්තිකරණය අඩු වීම නිසා පහසුවෙන් බැක්ටීරියා හා අසාදනවලට ලක්වීම
  • කන් ඇසීම අඩුවීම
  • ඇස් පෙනීම අඩු වීම

වැනි ආබාධ ඇතිවිය හැකි බව ඇය පවසා ඇත. “සුදු වෙන්න ගිහින් සිද්ධ වුණේ සුදු මැලි වෙන්න” යනුවෙන් ඇය අවධාරණය කළාය. මව්වරුන් රසදිය අඩංගු ආලේපන භාවිත කිරීම, විශේෂයෙන් කුඩා දරුවන්ගේ මොළයේ වර්ධනය අඩු වීමට හේතු වන බව බොහෝ දෙනා නොදන්නා කරුණක් බව ද ඇය 2019 වසරේදී බීබීසී සිංහල වෙත පවසා තිබේ.

ශ්‍රී ලංකාවේ පවතින නීතිය කුමක්ද?

යම් ක්‍රීම් හෝ දියර වර්ගයක උපරිම සීමාවට වඩා රසදිය අන්තර්ගත බවට අනාවරණය කර ගත්තද, ඒවා ශ්‍රී ලංකාව පුරා විකිණීම තහනම් කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට නීතිමය හැකියාවක් නොමැත. 2003 අංක 09 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ පනත යටතේ මහේස්ත්‍රාත්වරයකුට බලතල ඇත්තේ අදාළ අධිකරණ බල සීමාව තුළ ඇති වෙළෙඳසල්වලින් එම භාණ්ඩ ඉවත් කිරීමට පමණි.

2015 වර්ෂයේදී පාර්ලිමේන්තුවේදී සම්මත වූ ජාතික ඖෂධ නියාමන අධිකාරි සංශෝධන පනත යටතේ ආරම්භ වූ ජාතික ඖෂධ නියාමන අධිකාරියට ඖෂධ, වෛද්‍ය උපකරණ, නිෂ්පාදන නියාමන, සායනික පරික්ෂණ ඇතුළු අංශ ස්ථාපනය කිරීමේ බලයක් පැවරී තිබේ. මෙම පනත මගින් ඖෂධ සහ ප්‍රතිකාර ක්‍රමවලින් ඇතිවිය හැකි අතුරු ආබාධවලින් පුද්ගලයන් ආරක්ෂා කිරීම, ඖෂධවල ගුණාත්මක භාවය සහ අපේක්ෂිත පරමාර්ථය ඉටු වේද යන්න විමසා බැලීම ආවරණය වේ. මෙම පනතේ ක්‍රියාකාරීත්වයෙන් ඖෂධ සල් සහ රූපලාවන්‍යාගාරවල ඇති ප්‍රමිතිය සහ නිසි අවසරයකින් තොර නිෂ්පාදන, කල් ඉකුත්වූ නිෂ්පාදනවලට අදාළව නීතිය ක්‍රියාත්මක කිරීමට ද හැකියාව පවතී.

මීට අමතරව, මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ 1970 යන දුරකථනය අංකයට ඇමතීමෙන් පැමිණිලි කිරීමේ හැකියාව ද පාරිභෝගිකයින්ට පවතියි.

වෙනත් පුවත්

උණුසුම් පුවත්