සිරස්තල
තෙල් හිඟයක් නෑ – බලශක්ති අමාත්‍යාංශය ජනතාවට සහතික වෙයි ඊශ්‍රායල ප්‍රහාරයකින් ඉරාන ඉහළම හමුදා අණදෙන නිලධාරී අලි ෂඩ්මානි ඝාතනය කෙරේ ප්‍රංශය සමඟ ණය ප්‍රතිව්‍යුහගතකරණ ගිවිසුම අත්සන් තබයි මෙරට ඉතිහාසයේ දැවැන්තම ලොතරැයි දිනුම ජයග්‍රහණය කරයි මැතිව්ස් සහභාගි වන අවසන් ටෙස්ට් තරගය අද ආරම්භ වෙයි ඉන්දියාව වසර 11කින් මිලියන 269ක් අන්ත දුගීභාවයෙන් මුදවා ගනී ඉරාන බුද්ධි ප්‍රධානියා ඊශ්‍රායල ප්‍රහාරයෙන් මරුට දිස්ත්‍රික්ක 7කට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කරයි බංග්ලාදේශ ටෙස්ට් තරගාවලියට අලුත් මුහුණු 6ක් සමග ශ්‍රී ලංකා සංචිතය නම් කරයි උතුරු ඉන්දියාවේ හෙළිකොප්ටර් අනතුරක්: පුද්ගලයන් 7 දෙනෙකු මරුට

ආසියාව පුරා පැතිර යන නව COVID ප්‍රභේදය

ශ්‍රී ලංකාව තුළ නව COVID-19 ප්‍රභේදයක් ව්‍යාප්තවීමේ අවදානමක් නොමැති බැවින් අනිසි බියක් ඇති කර ගැනීමට අවශ්‍ය නොවන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ

මිතුරන් සමග බෙදාගන්න

ශ්‍රී ලංකාව තුළ නව COVID-19 ප්‍රභේදයක් ව්‍යාප්තවීමේ අවදානමක් නොමැති බැවින් අනිසි බියක් ඇති කර ගැනීමට අවශ්‍ය නොවන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අවධාරණය කරයි. වසංගත රෝග විද්‍යා අංශයේ දත්ත පදනම් කරගනිමින් නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ බව කියා සිටියේය.

පසුගිය සති කිහිපයේ දී ආසියානු රටවල් කිහිපයක COVID-19 ආසාදිතයන් සංඛ්‍යාවේ ඉහළ යාමක් මාධ්‍ය වාර්තා කර තිබුණද, රෝගයට මුහුණ දීමේ හැකියාව අඩුවීම ඇතුළු සාධක කිහිපයක් ඊට හේතු විය හැකි බව වෛද්‍ය ජාසිංහ පෙන්වා දෙයි. කෙසේ වෙතත්, මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් සෞඛ්‍ය අමාත්‍යාංශය ජාතික මට්ටමින් සූදානම් වීම සහ මහජන සෞඛ්‍ය ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය පියවර තීව්‍ර කර ඇති බව එම නිවේදනයේ සඳහන් වේ.

COVID-19 සඳහා සායනික සාම්පල පරීක්ෂා කරනු ලබන ඒකාබද්ධ ශ්වසන ආවේක්ෂණය රට පුරා තෝරාගත් රෝහල්වල අඛණ්ඩව සිදුවෙමින් පවතී. එම ආවේක්ෂණයට අනුව දැනට COVID-19 රෝගීන්ගේ වැඩිවීමක් පෙන්නුම් නොකරන බව විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

තවද, ශ්‍රී ලංකාවේ ඇතිවිය හැකි වසංගත තත්ත්වයන් කල්තියා හඳුනාගැනීමට අවශ්‍ය රසායනාගාර ආවේක්ෂණ පද්ධතිය ද සක්‍රීයව ක්‍රියාත්මක වේ. කලින් කලට අනෙකුත් ශ්වසන රෝග (උදා: ඉන්ෆ්ලුවෙන්සා) මෙන්ම, COVID-19 රෝගීන්ගේ වැඩිවීමක් ඇතිවිය හැකි වුවද, දැනට සාමාන්‍ය ජනතාවට ඇති අවදානම අඩු මට්ටමක පවතින බව නිවේදනයේ සඳහන් වේ.

කෙසේ වෙතත්, වැඩිහිටියන්, ප්‍රතිශක්තිකරණය අඩු පුද්ගලයින් සහ නිදන්ගත රෝග ඇති පුද්ගලයින් වැනි වැඩි අවදානමට ලක්විය හැකි කණ්ඩායම් කෙරෙහි විශේෂ අවධානයකින් සිටීම වැදගත් බව අමාත්‍යාංශය අවධාරණය කරයි.

නිතර අත් සේදීම, කැස්ස සහ කිවිසුම් යන විට නාසය සහ මුඛය ආවරණය කිරීම ඇතුළු මූලික සනීපාරක්ෂක පිළිවෙත් සහ ශ්වසන ආචාර විධි නිරන්තරයෙන් පවත්වා ගත යුතු බව ද විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සිය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කළේය. ඇති විය හැකි වසංගත තත්ත්වයන්ට මුහුණ දීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් රෝහල් පද්ධතිය ද සූදානම් කර ඇත.

COVID-19 තත්ත්වයේ කාලයත් සමඟ සිදුවන වෙනස්කම් පිළිබඳව සෞඛ්‍ය බලධාරීන් නිරන්තර අවධානයෙන් සිටින අතර, ඔවුන් නිල වශයෙන් ලබා දෙන තොරතුරු කෙරෙහි පමණක් අවධානය යොමු කරන ලෙස ද සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා මහජනතාවගෙන් ඉල්ලා සිටී. අසත්‍ය තොරතුරු පැතිරවීමෙන් වැළකී, නිල මූලාශ්‍රවලින් ලැබෙන තොරතුරු පමණක් විශ්වාස කරන ලෙස ඔහු ජනතාවට දන්වා සිටියි.

වෙනත් පුවත්

උණුසුම් පුවත්