සිරස්තල
අවුරුදු නිවාඩුව නිමා වී ආපසු එන ජනතාවට දුම්රියෙන් විශේෂ සහනයක්: අමතර ගමන්වාර රැසක් ගල්අඟුරු ජාවාරම් සෙවීමට ජනපතිගෙන් විශේෂ කොමිසමක් ඉන්දීය උප ජනාධිපති දෙදින නිල සංචාරයකට ලංකාවට එයි මැදපෙරදිග අර්බුදයෙන් පසු පළමු බොරතෙල් නෞකාව අද දිවයිනට රුපියල් කෝටි 400ක හෙරොයින් නාවික හමුදා දැලට ප්‍රමිතියෙන් තොර අංක තහඩු ඇති වාහන අත්අඩංගුවට: රුපියල් 25,000 දක්වා දඩයක් දේශපාලනය කුමක් වුවත් ඉරානය ලෝක කුසලානයට එන්නම ඕනේ අවුරුදු සමයේ වෙළෙඳ වැටලීම් තද වෙයි: අහිතකර ආහාර විකුණූ වෙළෙඳුන් 400කට නඩු හෝමුස් සමුද්‍ර සන්ධියේ අමෙරිකානු අවහිරය දැඩි වෙයි අවුරුදු උළෙල ලේ විලක් වෙයි: දින දෙකකදී මාරක රිය අනතුරු 36ක් සහ ගැටුම් 35ක්

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි දිවයිනට (Video)

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මීට සුළු මොහොතකට පෙර දිවයිනට පැමිණ තිබේ. තෙදින නිල සංචාරයක් සඳහා ඉන්දීය අගමැතිවරයා දිවයිනට පැමිණ තිබේ. ඉන්දීය රජයට අයත් ඉන්දියා 01

මිතුරන් සමග බෙදාගන්න

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මීට සුළු මොහොතකට පෙර දිවයිනට පැමිණ තිබේ.

තෙදින නිල සංචාරයක් සඳහා ඉන්දීය අගමැතිවරයා දිවයිනට පැමිණ තිබේ.

ඉන්දීය රජයට අයත් ඉන්දියා 01 දරන විශේෂ ගුවන් යානයෙන් මෙරටට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමග මෙරට සංචාරයේ නිරත ඉන්දීය දූත පිරිසේ 60 දෙනෙකු පැමිණ සිටින අතර ඊට ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතාද සිටීම විශේෂත්වයකි.

ඔවුන් තායිලන්තයේ බැංකොක් නුවර පැවැති බිම්ස්ටෙක් සමුළුවට සහභාගී වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා සංචාරය සඳහා පැමිණ තිබේ.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඇතුළු දූත පිරිස පිළිගැනීම සඳහා විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා කටුනායක ගුවන් තොටුපොළ අති විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ තිබේ.

මේ අතර කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයේ පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් එම මැදිරිය තුළ පිළිගැනීමේ කටයුතු සූදානම් කර ඇතැයිද වාර්තා වේ.

වෙනත් පුවත්

උණුසුම් පුවත්