සිරස්තල
ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ ඉෂාරා සෙව්වන්දිගේ මව මියයයි Air India ගුවන් අනතුරට හේතුව එන්ජින් ඉන්ධන සැපයුම කපා හැරීම බව මූලික වාර්තාවක් කියයි. එරික් මේයර් ශ්‍රී ලංකාවේ නව ඇමෙරිකානු තානාපති ධුරයට යෝජනා වෙයි මස්ක්ගේ දේශපාලනය ටෙස්ලාට ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සමාන මුදලක් අහිමි කරයි ෂී ජින්පිං කොහේද? චීනයේ තිරය පිටුපස ඇති බල අරගලය කුසල්-පැතුම් පිතිහරඹයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 7ක ජයක් YouTube වෙතින් ප්‍රතිපත්ති යාවත්කාලීන කිරීමක් පිල්ලෙයාන් පාස්කු ප්‍රහාරය ගැන පූර්ව දැනුවත්භාවයෙන් සිටි බවට අනාවරණයක් ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු ‘කෙහෙල්බද්දර පද්මේ’ අත්අඩංගුවට පාලමක් කඩා වැටීමෙන් පුද්ගලයන් 10ක් මරුට

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි දිවයිනට (Video)

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මීට සුළු මොහොතකට පෙර දිවයිනට පැමිණ තිබේ. තෙදින නිල සංචාරයක් සඳහා ඉන්දීය අගමැතිවරයා දිවයිනට පැමිණ තිබේ. ඉන්දීය රජයට අයත් ඉන්දියා 01

මිතුරන් සමග බෙදාගන්න

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මීට සුළු මොහොතකට පෙර දිවයිනට පැමිණ තිබේ.

තෙදින නිල සංචාරයක් සඳහා ඉන්දීය අගමැතිවරයා දිවයිනට පැමිණ තිබේ.

ඉන්දීය රජයට අයත් ඉන්දියා 01 දරන විශේෂ ගුවන් යානයෙන් මෙරටට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමග මෙරට සංචාරයේ නිරත ඉන්දීය දූත පිරිසේ 60 දෙනෙකු පැමිණ සිටින අතර ඊට ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතාද සිටීම විශේෂත්වයකි.

ඔවුන් තායිලන්තයේ බැංකොක් නුවර පැවැති බිම්ස්ටෙක් සමුළුවට සහභාගී වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා සංචාරය සඳහා පැමිණ තිබේ.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඇතුළු දූත පිරිස පිළිගැනීම සඳහා විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා කටුනායක ගුවන් තොටුපොළ අති විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ තිබේ.

මේ අතර කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයේ පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් එම මැදිරිය තුළ පිළිගැනීමේ කටයුතු සූදානම් කර ඇතැයිද වාර්තා වේ.

වෙනත් පුවත්

උණුසුම් පුවත්