සිරස්තල
පාසල් සිසුන්ට විදේශීය දුම්වැටි විකුණූ ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට ඇල්ල බස් අනතුරේදී නිර්භීත මෙහෙයුමක නිරත වූ සෙබළාට යුද හමුදාවෙන් උසස්වීමක් මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත-මීරිගම කොටස යළි ඇරඹේ තරගයක් අවසානයේ ප්‍රතිවාදීන්ට අතට අත දීමට නීතියක් නැහැ (BCCI) නිලධාරියෙක් මාධ්‍යයට ප්‍රකාශ කරයි මගුල් ගමනක් වෙනුවට මරණය: කටුනායක බලා ගිය වෑන් රථයක් අනතුරට දරුණු ගින්නකින් පැල්පත් නිවාස දහසකට වැඩි ප්‍රමාණයක් විනාශ වෙයි ආක්‍රමණශීලී විසිතුරු මත්ස්‍ය විශේෂ 4ක් තහනම් කෙරේ ඊයේ දිනයේ ඉන්දු-පාක් තරගයෙන් පසු මතභේදාත්මක තත්ත්වයක් මාරවිල වෙරළට අත් පා නොමැති මළ සිරුරක් ගොඩ ගසයි විස්සයි විස්ස ඉන්දු-පාක් සටනට ඩුබායි හි දැඩි ආරක්ෂාවක්

ඉන්ධන මිල අඩු වුනාට ත්‍රිවිල් ගාස්තුවේ අඩුවක් නැහැ

ඉන්ධන මිල ගණන් අඩු වුවත් ත්‍රිරෝද ගාස්තුවේ කිසිදු වෙනසක් සිදුකිරීමට හැකියාවක් නොමැති බව බස්නාහිර පළාත් ත්‍රිරෝද රථ රියදුරන්ගේ හා හිමිකරුවන්ගේ සංගමය පවසයි. එහි සභාපති, ලලිත්

මිතුරන් සමග බෙදාගන්න

ඉන්ධන මිල ගණන් අඩු වුවත් ත්‍රිරෝද ගාස්තුවේ කිසිදු වෙනසක් සිදුකිරීමට හැකියාවක් නොමැති බව බස්නාහිර පළාත් ත්‍රිරෝද රථ රියදුරන්ගේ හා හිමිකරුවන්ගේ සංගමය පවසයි.

එහි සභාපති, ලලිත් ධර්මසේකර අද (01) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කර සිටියේ, ත්‍රිරෝද රථ ගාස්තු අඩු කිරීමට වඩා විධිමත් නියාමනයක් තුළින් වඩාත් ඵලදායි සේවාවක් මහජනතාවට ලබාදීමට රජය මැදිහත් විය යුතු බවය.

“පෙට්‍රල් ලීටරයෙන්ම රු 10යි අඩුවෙලා තියෙන්නේ. සාමාන්‍යයෙන් ලීටරයෙන් කිලෝමීටර් 20ක් වගේ ධාවනය කරන්නේ. එතකොට ශත 5ක් අපි තියාගන්නේ නැතුව රු 10 ම දුන්නත් කිලෝමීටරයකට ශත 50යි අඩු කරන්න පුළුවන්. ඕක ප්‍රායෝගික නෑනේ.

මේ වෙද්දිත් ගාස්තු නිර්ණයක් නැතුව හිතූ හිතූ ගණන් අයකරන ත්‍රිරෝද රථ ලංකාව පුරාම තියෙනවා. ඒ නිසා ශත 50ක් රු 10ක් අඩු කරත් උත්තරය ඒක නෙමෙයි. වඩාත් ඵලදායි විශ්වාසවන්ත ත්‍රිරෝද රථ සේවයක් ඇති කිරීම තමා අපේ පළමු අරමුණ. මේ රු 10ක් අඩු කිරීම තුළින් ත්‍රිරෝද රථ ගාස්තුව අඩුකිරීමක් සිද්ධ වෙන්නේ නෑ.”

වෙනත් පුවත්

උණුසුම් පුවත්