ඉන්ධන මිල සංශෝධනය වුවත් බස් ගාස්තු වෙනස් නැහැ බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසති

ඊයේ (ජූනි 30) මධ්‍යම රාත්‍රියේ සිට රජය විසින් ඉන්ධන මිල සංශෝධනය කළද, බස් ගාස්තුවල කිසිදු වෙනසක් සිදු නොවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති

මිතුරන් සමග බෙදාගන්න

ඊයේ (ජූනි 30) මධ්‍යම රාත්‍රියේ සිට රජය විසින් ඉන්ධන මිල සංශෝධනය කළද, බස් ගාස්තුවල කිසිදු වෙනසක් සිදු නොවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසනවා.

අද (ජූලි 01) පෙරවරුවේ මාධ්‍ය අමතමින් සභාපතිවරයා මේ බව සඳහන් කළේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ, මෙලෙස මාසෙන් මාසයට ඉන්ධන මිල සංශෝධනය කිරීම බස් කර්මාන්තයට බරපතළ ගැටලුවක් බවයි.

මෙම තත්ත්වය බස් කර්මාන්තයට කෙසේ බලපානු ඇත්ද යන්න පිළිබඳව ඉදිරියේදී දැකගත හැකි වනු ඇත.

 

වෙනත් පුවත්

උණුසුම් පුවත්