සිරස්තල
තෙල් හිඟයක් නෑ – බලශක්ති අමාත්‍යාංශය ජනතාවට සහතික වෙයි ඊශ්‍රායල ප්‍රහාරයකින් ඉරාන ඉහළම හමුදා අණදෙන නිලධාරී අලි ෂඩ්මානි ඝාතනය කෙරේ ප්‍රංශය සමඟ ණය ප්‍රතිව්‍යුහගතකරණ ගිවිසුම අත්සන් තබයි මෙරට ඉතිහාසයේ දැවැන්තම ලොතරැයි දිනුම ජයග්‍රහණය කරයි මැතිව්ස් සහභාගි වන අවසන් ටෙස්ට් තරගය අද ආරම්භ වෙයි ඉන්දියාව වසර 11කින් මිලියන 269ක් අන්ත දුගීභාවයෙන් මුදවා ගනී ඉරාන බුද්ධි ප්‍රධානියා ඊශ්‍රායල ප්‍රහාරයෙන් මරුට දිස්ත්‍රික්ක 7කට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කරයි බංග්ලාදේශ ටෙස්ට් තරගාවලියට අලුත් මුහුණු 6ක් සමග ශ්‍රී ලංකා සංචිතය නම් කරයි උතුරු ඉන්දියාවේ හෙළිකොප්ටර් අනතුරක්: පුද්ගලයන් 7 දෙනෙකු මරුට

ඉනිගොඩවෙල දුම්රිය හරස් මාර්ගයේ රිය අනතුරකින් 7ක් රෝහලේ

හලාවත-කොළඹ ප්‍රධාන මාර්ගයේ ඉනිගොඩවෙල දුම්රිය හරස් මාර්ගය අසලදී වාහන තුනක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් හත් දෙනෙකු තුවාල ලබා හලාවත මහ රෝහලට ඇතුළත් කර

මිතුරන් සමග බෙදාගන්න

හලාවත-කොළඹ ප්‍රධාන මාර්ගයේ ඉනිගොඩවෙල දුම්රිය හරස් මාර්ගය අසලදී වාහන තුනක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් හත් දෙනෙකු තුවාල ලබා හලාවත මහ රෝහලට ඇතුළත් කර තිබේ.

පොලීසිය සඳහන් කළේ, දුම්රියක් ගමන් කිරීම හේතුවෙන් දුම්රිය හරස් මාර්ගය වසා දමා තිබූ අවස්ථාවේදී මෙම අනතුර සිදුව ඇති බවයි. එහිදී, දුම්රිය හරස් මාර්ගය අසල නවතා තිබූ වාහන දෙකක, වේගයෙන් පැමිණි කන්ටේනර් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. කන්ටේනර් රථය මුලින්ම නවතා තිබූ වෑන් රථයක ගැටී ඇති බව වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පොලීසිය විසින් සිදු කරනු ලබයි.

වෙනත් පුවත්

උණුසුම් පුවත්