සිරස්තල
ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ ඉෂාරා සෙව්වන්දිගේ මව මියයයි Air India ගුවන් අනතුරට හේතුව එන්ජින් ඉන්ධන සැපයුම කපා හැරීම බව මූලික වාර්තාවක් කියයි. එරික් මේයර් ශ්‍රී ලංකාවේ නව ඇමෙරිකානු තානාපති ධුරයට යෝජනා වෙයි මස්ක්ගේ දේශපාලනය ටෙස්ලාට ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සමාන මුදලක් අහිමි කරයි ෂී ජින්පිං කොහේද? චීනයේ තිරය පිටුපස ඇති බල අරගලය කුසල්-පැතුම් පිතිහරඹයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 7ක ජයක් YouTube වෙතින් ප්‍රතිපත්ති යාවත්කාලීන කිරීමක් පිල්ලෙයාන් පාස්කු ප්‍රහාරය ගැන පූර්ව දැනුවත්භාවයෙන් සිටි බවට අනාවරණයක් ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු ‘කෙහෙල්බද්දර පද්මේ’ අත්අඩංගුවට පාලමක් කඩා වැටීමෙන් පුද්ගලයන් 10ක් මරුට

ඉරාන ප්‍රහාරයෙන් ඊශ්‍රායලයේදී ශ්‍රී ලාංකික කාන්තාවකට තුවාල

ඉරානය විසින් ඊශ්‍රායලයේ ටෙල් අවීව්, හයිෆා සහ අවට ප්‍රදේශ ඉලක්ක කර එල්ල කළ ප්‍රහාර හේතුවෙන් ශ්‍රී ලාංකික කාන්තාවක් තුවාල ලබා ඇති බව එරට ශ්‍රී ලංකා

මිතුරන් සමග බෙදාගන්න

ඉරානය විසින් ඊශ්‍රායලයේ ටෙල් අවීව්, හයිෆා සහ අවට ප්‍රදේශ ඉලක්ක කර එල්ල කළ ප්‍රහාර හේතුවෙන් ශ්‍රී ලාංකික කාන්තාවක් තුවාල ලබා ඇති බව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුම් දෙනවා.

ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා සඳහන් කළේ, අදාළ කාන්තාවට සුළු තුවාල පමණක් සිදුව ඇති බවත්, ඇයගේ තත්ත්වය බරපතළ නොවන බවත්ය.

තානාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ, තුවාල ලැබූ ශ්‍රී ලාංකික කාන්තාව ඊශ්‍රායලයේ Bat Yam ප්‍රදේශයේ සේවය කරමින් සිටියදී මෙම ප්‍රහාරයට ගොදුරු වී ඇති බවයි. ඇයගේ ආරක්ෂාව සහ අවශ්‍ය සහාය ලබා දීමට තානාපති කාර්යාලය පියවර ගනිමින් සිටින බවද වාර්තා වේ.

වෙනත් පුවත්

උණුසුම් පුවත්