සිරස්තල
ශ්‍රී ලාංකිකයින්ට මාලදිවයිනෙන් දින 90ක නොමිලේ වීසා Miss Teen Tourism තරගයට අංජානා හීනටිගල පිලිපීනය බලා පිටත්ව යයි බොරැල්ල මාරක අනතුර: දොඹකර රියදුරු මත්ද්‍රව්‍ය පානය කරලා BYD වාහන ලෝලීන්ට සුබ පණිවිඩයක් දින දෙකක ගැටුම්වලින් පසු කාම්බෝජයෙන් තායිලන්තයට සටන් විරාම ඉල්ලීමක් ගැබිනි මුවදෙන ඝාතනය කළ තවත් සැකකරුවෙක් බලපත්‍ර රහිත ගිනි අවි 3ක් සමඟින් අත්අඩංගුවට කොරියාවේදී ශ්‍රී ලාංකික සේවකයෙකු අමානුෂික හිංසනයකට ලක් වෙයි අනුරාධපුර ශිෂ්‍යත්ව පෙරහුරු ප්‍රශ්න පත්‍රයක අසභ්‍ය වචන රිතික් රෝෂන් “සිටි ඔෆ් ඩ්‍රීම්ස්” කැසිනෝ ශාලාව විවෘත කිරීමට ලංකාවට “වන අලි ඝාතන රැලි දෙකක් ක්‍රියාත්මකයි – මේ දෙවන රැල්ල” – පරිසර ඇමති පාර්ලිමේන්තුවේදී කියයි

“ඊශ්‍රායල ආක්‍රමණශීලීත්වයට දඬුවම් දීම අවසන් මොහොත දක්වාම සිදුවුණා” – ඉරානයෙන් ප්‍රකාශයක්

ඉරානයේ විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි නිවේදනය කරන්නේ, ඊශ්‍රායලයේ ආක්‍රමණශීලීත්වයට දඬුවම් කිරීම සඳහා ඉරාන සන්නද්ධ හමුදාවන්ගේ හමුදා මෙහෙයුම් අවසන් මොහොත දක්වාම ක්‍රියාත්මක වූ බවයි. සිය නිල

මිතුරන් සමග බෙදාගන්න

ඉරානයේ විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි නිවේදනය කරන්නේ, ඊශ්‍රායලයේ ආක්‍රමණශීලීත්වයට දඬුවම් කිරීම සඳහා ඉරාන සන්නද්ධ හමුදාවන්ගේ හමුදා මෙහෙයුම් අවසන් මොහොත දක්වාම ක්‍රියාත්මක වූ බවයි.

සිය නිල X (ට්විටර්) ගිණුමේ සටහනක් තබමින් අබ්බාස් අරග්චි කියා සිටියේ, සියලුම ඉරාන වැසියන් සමඟ එක්ව, තම ආදරණීය රට ආරක්ෂා කිරීමට අවසන් ලේ බිංදුව දක්වා සූදානම්ව සිටින සහ සතුරාගේ ඕනෑම ප්‍රහාරයකට අවසාන මිනිත්තුව දක්වා ප්‍රතිචාර දැක්වූ නිර්භීත සන්නද්ධ හමුදාවන්ට තමන් ස්තුතිවන්ත වන බවයි.

මේ අතර, ඩොනල්ඩ් ට්‍රම්ප් පූර්ණ සටන් විරාමයක් සම්බන්ධයෙන් කළ ප්‍රකාශය ඉරාන විදේශ අමාත්‍යවරයා තරයේම ප්‍රතික්ෂේප කර තිබෙනවා. දැනට, කිසිදු සටන් විරාමයක් හෝ හමුදා මෙහෙයුම් නැවැත්වීම සම්බන්ධයෙන් කිසිදු “ගිවිසුමක්” නොමැති බවද වාර්තා වෙනවා.

කෙසේ වෙතත්, ඉරාන විදේශ අමාත්‍යවරයා වැඩිදුරටත් නිවේදනය කර ඇත්තේ, ඊශ්‍රායල පාලනය ටෙහෙරාන් වේලාවෙන් අලුයම 4ට පෙර ඉරාන ජනතාවට එරෙහි නීති විරෝධී ආක්‍රමණය නතර කළහොත්, මෙම යුද්ධය දීර්ඝ වශයෙන් සිදු කිරීමේ අවශ්‍යතාවක් තම රටට නොමැති බවයි. ඉරාන හමුදා මෙහෙයුම් නැවැත්වීම පිළිබඳ අවසාන තීරණය පසුව ගනු ඇති බවත් එම X පණිවිඩයේ සඳහන්.

මේ අතර කටාර් රාජ්‍යයද වසා දැමුණු ගුවන් කලාපය යළිත් විවෘත කර තිබෙනවා.

වෙනත් පුවත්

උණුසුම් පුවත්