සිරස්තල
අවුරුදු නිවාඩුව නිමා වී ආපසු එන ජනතාවට දුම්රියෙන් විශේෂ සහනයක්: අමතර ගමන්වාර රැසක් ගල්අඟුරු ජාවාරම් සෙවීමට ජනපතිගෙන් විශේෂ කොමිසමක් ඉන්දීය උප ජනාධිපති දෙදින නිල සංචාරයකට ලංකාවට එයි මැදපෙරදිග අර්බුදයෙන් පසු පළමු බොරතෙල් නෞකාව අද දිවයිනට රුපියල් කෝටි 400ක හෙරොයින් නාවික හමුදා දැලට ප්‍රමිතියෙන් තොර අංක තහඩු ඇති වාහන අත්අඩංගුවට: රුපියල් 25,000 දක්වා දඩයක් දේශපාලනය කුමක් වුවත් ඉරානය ලෝක කුසලානයට එන්නම ඕනේ අවුරුදු සමයේ වෙළෙඳ වැටලීම් තද වෙයි: අහිතකර ආහාර විකුණූ වෙළෙඳුන් 400කට නඩු හෝමුස් සමුද්‍ර සන්ධියේ අමෙරිකානු අවහිරය දැඩි වෙයි අවුරුදු උළෙල ලේ විලක් වෙයි: දින දෙකකදී මාරක රිය අනතුරු 36ක් සහ ගැටුම් 35ක්

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රධානියා ශ්‍රී ලංකාවට

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් මහතා නිල සංචාරයක් සඳහා අද (ජූනි 23) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි. විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ,

මිතුරන් සමග බෙදාගන්න

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් මහතා නිල සංචාරයක් සඳහා අද (ජූනි 23) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි. විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ, ඔහු එළඹෙන 26 වැනිදා දක්වා දිවයිනේ රැඳී සිටින බවයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයෙක් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන්නේ 2016 වසරේ පෙබරවාරි මාසයෙන් පසුව වීම විශේෂත්වයක්.

මෙම සංචාරය අතරතුර, මහ කොමසාරිස්වරයා ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය යන මහත්ම මහත්මීන් හමුවීමට නියමිතයි.

ඊට අමතරව, ඔහු විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා ඇතුළු කැබිනට් අමාත්‍යවරුන් කිහිපදෙනෙකු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ජ්‍යෙෂ්ඨ රජයේ නිලධාරීන්, ආගමික නායකයින්, සිවිල් සමාජ නියෝජිතයින් සහ රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාවේ සාමාජිකයින් කිහිපදෙනෙකු හමුවීමටද සැලසුම් කර තිබෙනවා. එමෙන්ම, මෙරට මානව හිමිකම් කොමිෂන් සභාව සමඟද මහ කොමසාරිස්වරයා සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි.

මෙම සංචාරය, ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳව ජාත්‍යන්තර ප්‍රජාවේ අවධානය තවදුරටත් යොමු කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

වෙනත් පුවත්

උණුසුම් පුවත්