සිරස්තල
මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත-මීරිගම කොටස යළි ඇරඹේ තරගයක් අවසානයේ ප්‍රතිවාදීන්ට අතට අත දීමට නීතියක් නැහැ (BCCI) නිලධාරියෙක් මාධ්‍යයට ප්‍රකාශ කරයි මගුල් ගමනක් වෙනුවට මරණය: කටුනායක බලා ගිය වෑන් රථයක් අනතුරට දරුණු ගින්නකින් පැල්පත් නිවාස දහසකට වැඩි ප්‍රමාණයක් විනාශ වෙයි ආක්‍රමණශීලී විසිතුරු මත්ස්‍ය විශේෂ 4ක් තහනම් කෙරේ ඊයේ දිනයේ ඉන්දු-පාක් තරගයෙන් පසු මතභේදාත්මක තත්ත්වයක් මාරවිල වෙරළට අත් පා නොමැති මළ සිරුරක් ගොඩ ගසයි විස්සයි විස්ස ඉන්දු-පාක් සටනට ඩුබායි හි දැඩි ආරක්ෂාවක් දුර ගමන් බස් රථවලට අනිවාර්ය තත්ත්ව පරීක්ෂණයක් රුසියානු ඉන්ධන මිලදී ගැනීම නවත්වන ලෙස ට්‍රම්ප් නේටෝවෙන් ඉල්ලයි

කංජිපානිට තර්ජනය කළ නිසා ක්ලබ් වසන්තව ඝාතනය කළා – ලොකු පැටී

මියගිය දරුණු ගණයේ සංවිධානාත්මක අපරාධකරුවෙකු වූ මාකඳුරේ මධූෂ් සතු මුදල් ලබා දෙන ලෙස කංජිපානි කළ ඉල්ලීම ක්ලබ් වසන්ත විසින් ප්‍රතික්ෂේප කිරීමත් සමඟ කංජිපානිට ඔහු කළ

මිතුරන් සමග බෙදාගන්න

මියගිය දරුණු ගණයේ සංවිධානාත්මක අපරාධකරුවෙකු වූ මාකඳුරේ මධූෂ් සතු මුදල් ලබා දෙන ලෙස කංජිපානි කළ ඉල්ලීම ක්ලබ් වසන්ත විසින් ප්‍රතික්ෂේප කිරීමත් සමඟ කංජිපානිට ඔහු කළ තර්ජනය නිසා ක්ලබ් වසන්තව ඝාතනය කළ බවට බෙලරූස් රාජ්‍යයේ සිට මෙරටට රැගෙන ආ ලොකු පැටී නමැති පුද්ගලයා බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් හමුවේ පාපොච්චාරණය කර තිබේ.

ක්ලබ් වසන්ත මහතා ප්‍රසිද්ධ යූ ටියුබ් නාලිකාවක් සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී තමාට විරුද්ධවාදීන් දෙදෙනෙකු සිටින බවත්, ඉන් එක් අයෙකු මිය ගොස් ඇති බවත්, අනෙක් පුද්ගලයා බියෙන් රටින් පලා ගොස් ඇති බවත් ප්‍රකාශ කර ඇති බව ලොකු පැටී වැඩිදුරටත් සඳහන් කර ඇත. එහිදී මිය ගොස් ඇතැයි ඔහු හඳුන්වා ඇත්තේ මාකඳුරේ මධූෂ් බවත්, රටින් පලා ගොස් ඇතැයි සඳහන් කර ඇත්තේ කංජිපානි ඉම්රාන් බවත් ලොකු පැටී හෙළි කර තිබේ.

එමෙන්ම, මධූෂ් සතු මුදල් ක්ලබ් වසන්ත මහතා සතුව තිබූ බැවින්, කංජිපානි එම මුදල් ඉල්ලා සිටීමත් සමඟ ක්ලබ් වසන්ත ඔහුට තරවටු කිරීම හේතුවෙන් කංජිපානි දැඩි ලෙස ක්ලබ් වසන්ත සමඟ අමනාප වී සිටි බවත්, ඒ අනුව කංජිපානි ඉම්රාන් තමා සමඟ එක්ව ක්ලබ් වසන්ත ඝාතනය සැලසුම් කළ බවත් සැකකරු විසින් පාපොච්චාරණය කර ඇත. ක්ලබ් වසන්ත ඝාතනය සඳහා යොදාගත් ටැටූ මල්ලී නමැති පුද්ගලයා තම උපන් ගමේම අයෙකු වීම නිසා ඔහුව ද එම කටයුත්තට සම්බන්ධ කරගත් බව සැකකරු පවසා ඇත.

තවද, තමා ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් සකසාගෙන ඩුබායි රාජ්‍යයට පලායෑමෙන් පසු රොටුඹ අමිල නම් පාතාල කල්ලි සාමාජිකයෙකු සමඟ බෙලරූස් බලා ගිය බවත්, එහිදී තමන් අත්අඩංගුවට පත් වූ බවත් සැකකරු වන ලොකු පැටී ප්‍රකාශ කර ඇත. ජාත්‍යන්තර රතු නිවේදනයක් මත අත්අඩංගුවට ගත් මෙම සැකකරු ඊයේ දිවයිනට රැගෙන ඒමෙන් පසු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය වෙත භාර දෙන ලදී.

මෙම සැකකරු කලක් ශ්‍රී ලංකා යුද හමුදාවේ 07 වන රෙජිමේන්තුවේ සේවය කර ඇති අතර, අහුන්ගල්ල ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු ක්ලබ් වසන්ත ඝාතනය ඇතුළු මිනීමැරුම්, වෙඩි තැබීම්, බෝම්බ ප්‍රහාර සහ මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු බරපතළ අපරාධ රැසක් සම්බන්ධයෙන් මෙරට අධිකරණ තුළ චෝදනා ලබා සිටින්නෙකි.

වෙනත් පුවත්

උණුසුම් පුවත්