සිරස්තල
“ඊශ්‍රායල ආක්‍රමණශීලීත්වයට දඬුවම් දීම අවසන් මොහොත දක්වාම සිදුවුණා” – ඉරානයෙන් ප්‍රකාශයක් කටාර් රාජ්‍යයේ ඇමරිකානු කදවුරකට ඉරානයෙන් ප්‍රහාර යුදමය තත්ත්වය හේතුවෙන් කටාර් ගුවන් කලාපය තාවකාලිකව වසාදමයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රධානියා ශ්‍රී ලංකාවට හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමුවහොත් ගෝලීය ආර්ථිකයට දැවැන්ත බලපෑමක් “බීමතින් රිය පැදවීම – රු. ලක්ෂ 5ක් දඩ හෝ වසර 2ක සිර දඬුවම්”: සමාජ මාධ්‍ය පුවත අසත්‍යයි නෙත්මි අහිංසාගෙන් ඓතිහාසික පදක්කමක් සිඟමනේ යෙදෙන දරුවන් බේරා ගැනීමට විශේෂ මෙහෙයුමක් ඊශ්‍රායල යුද උණුසුම මධ්‍යයේ උතුරු ඉරානයට භූමිකම්පාවක් ශ්‍රී ලංකාවේ සමරිසි අයිතිවාසිකම් යුරෝපා පාර්ලිමේන්තුවේ අවධානයට

කටුපොතේදී බීමත් ‘සිසුසැරිය’ රියදුරෙක් අත්අඩංගුවට

කටුපොත – බීමතින් පාසල් ළමුන් ප්‍රවාහනය කරමින් සිටි ‘සිසුසැරිය’ බස් රථයක රියදුරෙකු ඊයේ (19) දහවල් පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. කටුපොත පොලිස් රථවාහන අංශයේ නිලධාරීන් විසින්

මිතුරන් සමග බෙදාගන්න

කටුපොත – බීමතින් පාසල් ළමුන් ප්‍රවාහනය කරමින් සිටි ‘සිසුසැරිය’ බස් රථයක රියදුරෙකු ඊයේ (19) දහවල් පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

කටුපොත පොලිස් රථවාහන අංශයේ නිලධාරීන් විසින් සිදු කරන ලද හදිසි පරීක්ෂාවකදී මෙම රියදුරු බීමතින් සිටියදී හසුවී ඇති බව වාර්තා වේ. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී බස් රථය තුළ පාසල් සිසුන් 16 දෙනෙකු සහ ඔවුන්ගේ මව්වරුන් දෙදෙනෙකු ද ගමන් කරමින් සිට ඇත.

පොලිසිය පැවසුවේ අත්අඩංගුවට ගත් 52 හැවිරිදි රියදුරු කටුපොත, රදලියගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි. ඔහු අද (20) නාරම්මල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කටුපොත පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතී. පාසල් ළමුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කළ යුතු බවට මෙම සිද්ධියෙන් අවධාරණය වේ.

වෙනත් පුවත්

උණුසුම් පුවත්