සිරස්තල
ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ ඉෂාරා සෙව්වන්දිගේ මව මියයයි Air India ගුවන් අනතුරට හේතුව එන්ජින් ඉන්ධන සැපයුම කපා හැරීම බව මූලික වාර්තාවක් කියයි. එරික් මේයර් ශ්‍රී ලංකාවේ නව ඇමෙරිකානු තානාපති ධුරයට යෝජනා වෙයි මස්ක්ගේ දේශපාලනය ටෙස්ලාට ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සමාන මුදලක් අහිමි කරයි ෂී ජින්පිං කොහේද? චීනයේ තිරය පිටුපස ඇති බල අරගලය කුසල්-පැතුම් පිතිහරඹයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 7ක ජයක් YouTube වෙතින් ප්‍රතිපත්ති යාවත්කාලීන කිරීමක් පිල්ලෙයාන් පාස්කු ප්‍රහාරය ගැන පූර්ව දැනුවත්භාවයෙන් සිටි බවට අනාවරණයක් ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු ‘කෙහෙල්බද්දර පද්මේ’ අත්අඩංගුවට පාලමක් කඩා වැටීමෙන් පුද්ගලයන් 10ක් මරුට

ක්ලැරන්ස් විජේවර්ධනට උපහාරයක් වූ ‘තේජා ඉද්දමල්ගොඩගේ’ අවසන් සිනමා නිර්මාණය තිරගත වේ

පසුගිය ජූනි 27 වනදා සිට තිරගත වන, සිනමාවට ප්‍රතිනිර්මාණය කරන ලද ක්ලැරන්ස් විජේවර්ධනගේ නිර්මාණ ජීවිතය, යොවුන් වියේ රොමැන්ටික සුන්දරත්වය විශිෂ්ට ආකාරයකින් සිනමාවට ගොඩ නංවා තිබෙනවා.

මිතුරන් සමග බෙදාගන්න

පසුගිය ජූනි 27 වනදා සිට තිරගත වන, සිනමාවට ප්‍රතිනිර්මාණය කරන ලද ක්ලැරන්ස් විජේවර්ධනගේ නිර්මාණ ජීවිතය, යොවුන් වියේ රොමැන්ටික සුන්දරත්වය විශිෂ්ට ආකාරයකින් සිනමාවට ගොඩ නංවා තිබෙනවා. කෙසේ වෙතත්, මෙම සිනමා නිර්මාණයේ අධ්‍යක්ෂකවරයා වන තේජා ඉද්දමල්ගොඩ මහතා එය තිරගත වීමට පෙර හදිසියේ අභාවප්‍රාප්ත වීම ප්‍රේක්ෂකයන්ගේ බලවත් කනගාටුවට හේතු වී ඇත.

ක්ලැරන්ස් විජේවර්ධන යනු ගීත රචනය, සංගීත නිර්මාණය සහ ගායනය යන අංශ තුනම ඒකාබද්ධ කරගත් සුවිශේෂී නිර්මාණකරුවෙකි. ඔහුගේ එම සදාතනික නිර්මාණ ගොන්නෙන් කිහිපයක් සිනමානාත්මකව ප්‍රතිනිර්මාණය කිරීමට තේජා ඉද්දමල්ගොඩ මහතා සමත් වී තිබේ.

මෙම නිර්මාණය පවුලේ සියලු දෙනා සමඟ සෞන්දර්යාත්මක වින්දනයක් වෙනුවෙන් නැරඹිය හැකි අපූර්ව චිත්‍රපටයක් ලෙස හඳුන්වා දිය හැකියි. ක්ලැරන්ස් විජේවර්ධනගේ ගීතවලින් පෝෂණය වූ මෙම චිත්‍රපටය, තේජා ඉද්දමල්ගොඩ මහතාගේ සිනමා දැක්මට කදිම උපහාරයක් වනු නොඅනුමානයි.

වෙනත් පුවත්

උණුසුම් පුවත්