සිරස්තල
අවුරුදු නිවාඩුව නිමා වී ආපසු එන ජනතාවට දුම්රියෙන් විශේෂ සහනයක්: අමතර ගමන්වාර රැසක් ගල්අඟුරු ජාවාරම් සෙවීමට ජනපතිගෙන් විශේෂ කොමිසමක් ඉන්දීය උප ජනාධිපති දෙදින නිල සංචාරයකට ලංකාවට එයි මැදපෙරදිග අර්බුදයෙන් පසු පළමු බොරතෙල් නෞකාව අද දිවයිනට රුපියල් කෝටි 400ක හෙරොයින් නාවික හමුදා දැලට ප්‍රමිතියෙන් තොර අංක තහඩු ඇති වාහන අත්අඩංගුවට: රුපියල් 25,000 දක්වා දඩයක් දේශපාලනය කුමක් වුවත් ඉරානය ලෝක කුසලානයට එන්නම ඕනේ අවුරුදු සමයේ වෙළෙඳ වැටලීම් තද වෙයි: අහිතකර ආහාර විකුණූ වෙළෙඳුන් 400කට නඩු හෝමුස් සමුද්‍ර සන්ධියේ අමෙරිකානු අවහිරය දැඩි වෙයි අවුරුදු උළෙල ලේ විලක් වෙයි: දින දෙකකදී මාරක රිය අනතුරු 36ක් සහ ගැටුම් 35ක්

කාෂ්මීරයේ ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තවාදීන් කටුනායකට?

කාශ්මීරයේ පෙහෙල්ගාම් ප්‍රහාරයට සම්බන්ධ යැයි සැක කෙරෙන ත්‍රස්තවාදීන් හය දෙනෙකු මෙරටට පැමිණ ඇති බවට ලද තොරතුරක් හේතුවෙන් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ අද (මැයි 03) විශේෂ සෝදිසි

මිතුරන් සමග බෙදාගන්න

කාශ්මීරයේ පෙහෙල්ගාම් ප්‍රහාරයට සම්බන්ධ යැයි සැක කෙරෙන ත්‍රස්තවාදීන් හය දෙනෙකු මෙරටට පැමිණ ඇති බවට ලද තොරතුරක් හේතුවෙන් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ අද (මැයි 03) විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කරන ලදී. මෙලෙස පරීක්ෂාවට භාජනය කර ඇත්තේ චෙන්නායි සිට පැමිණි ගුවන් යානයකි.

ඉන්දියාවේ ජම්මු කාෂ්මීර ප්‍රාන්තයේ පෙහෙල්ගාම් ප්‍රදේශයේ පසුගියදා සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයත් සමඟ ඉන්දියාව සහ පකිස්තානය අතර දැඩි මතභේදකාරී තත්ත්වයක් පවතී. ඉන්දියාව චෝදනා කරන්නේ එම ත්‍රස්ත ප්‍රහාරයට පකිස්තානය සෘජුවම සම්බන්ධ බවයි.

මේ අතර, පෙහෙල්ගාම් ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තවාදීන් සොයා ඉන්දීය රජය දැවැන්ත මෙහෙයුමක් මේ වන විට ක්‍රියාත්මක කරමින් සිටී. ප්‍රහාරයේ සැකකරුවන් සොයා පුද්ගලයින් රැසක් ඉන්දීය ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබුවද, සැකකරුවන් තවමත් නිදැල්ලේ පසුවන බවට ඉන්දීය මාධ්‍ය ඊයේ වාර්තා කළේය.

මෙවැනි පසුබිමක් තුළ, පෙහෙල්ගාම් ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තවාදීන් හය දෙනෙකු මෙරටට පැමිණි බවට ලද තොරතුරක් මත කටුනායක ගුවන්තොටුපොළේ අද විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කරන ලදී. එලෙස පරීක්ෂා කර ඇත්තේ චෙන්නායි සිට පැමිණි යූ.එල් 122 දරන ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානය බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම නිවේදනය කර තිබුණි.

එම ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් එම ගුවන් යානයෙන් පැමිණි බවට කටුනායක ගුවන් තොටුපොළ බලධාරීන්ට තොරතුරක් ලැබී ඇත්තේ චෙන්නායි ගුවන් පාලන බලධාරීන්ගෙනි. මෙම ගුවන් යානය චෙන්නායි සිට ශ්‍රී ලංකාවට පැමිණ නැවත සිංගප්පූරුව දක්වා ගමන් කරන ගුවන් යානයක් බව මෙරට ගුවන් හමුදා බලධාරීන් ප්‍රකාශ කළේය.

අදාළ බලධාරීන් පැවසුවේ ලද තොරතුරක් මත ගුවන් හමුදාව සහ බෝම්බ නිශ්ක්‍රිය අංශයේ නිලධාරීන් ද පැමිණ එම යානය සෝදිසි කළ නමුත් යානය තුළ බෝම්බ හෝ සැකකටයුතු කිසිවක් නොතිබූ බවය. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා සඳහන් කළේ, ලද තොරතුර අනුව අදාළ යානය පරීක්ෂා කළද එම යානයෙන් කිසිදු සැකකටයුතු පුද්ගලයෙක් දිවයිනට පැමිණ ඇතැයි තොරතුරු ලැබී නොමැති බවයි.

වෙනත් පුවත්

උණුසුම් පුවත්