සිරස්තල
මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත-මීරිගම කොටස යළි ඇරඹේ තරගයක් අවසානයේ ප්‍රතිවාදීන්ට අතට අත දීමට නීතියක් නැහැ (BCCI) නිලධාරියෙක් මාධ්‍යයට ප්‍රකාශ කරයි මගුල් ගමනක් වෙනුවට මරණය: කටුනායක බලා ගිය වෑන් රථයක් අනතුරට දරුණු ගින්නකින් පැල්පත් නිවාස දහසකට වැඩි ප්‍රමාණයක් විනාශ වෙයි ආක්‍රමණශීලී විසිතුරු මත්ස්‍ය විශේෂ 4ක් තහනම් කෙරේ ඊයේ දිනයේ ඉන්දු-පාක් තරගයෙන් පසු මතභේදාත්මක තත්ත්වයක් මාරවිල වෙරළට අත් පා නොමැති මළ සිරුරක් ගොඩ ගසයි විස්සයි විස්ස ඉන්දු-පාක් සටනට ඩුබායි හි දැඩි ආරක්ෂාවක් දුර ගමන් බස් රථවලට අනිවාර්ය තත්ත්ව පරීක්ෂණයක් රුසියානු ඉන්ධන මිලදී ගැනීම නවත්වන ලෙස ට්‍රම්ප් නේටෝවෙන් ඉල්ලයි

කෑගල්ල දිස්ත්‍රික්කයේ දන්ත වෛද්‍යවරු වැඩ වර්ජනයක්

කෑගල්ල දිස්ත්‍රික් මහ රෝහලේ දන්ත ශල්‍ය විශේෂඥවරයෙකුට රෝගියෙකු විසින් සිදුකරන ලද පහරදීමට විරෝධය පළ කරමින් එම දිස්ත්‍රික්කයේ සේවය කරන සියලුම දන්ත ශල්‍ය වෛද්‍යවරුන් සංකේත වැඩ

මිතුරන් සමග බෙදාගන්න

කෑගල්ල දිස්ත්‍රික් මහ රෝහලේ දන්ත ශල්‍ය විශේෂඥවරයෙකුට රෝගියෙකු විසින් සිදුකරන ලද පහරදීමට විරෝධය පළ කරමින් එම දිස්ත්‍රික්කයේ සේවය කරන සියලුම දන්ත ශල්‍ය වෛද්‍යවරුන් සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.

කෑගල්ල රෝහල තුළ සේවය කළ මුඛ, හනුක හා මුහුණ පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකුට පුද්ගලයෙකු විසින් රෝහල් පරිශ්‍රය තුළදී පහර අද (28) පස්වරුවේදී පහරදීමක් සිදුකර තිබේ.

මේ සම්බන්ධව නිවේදනයක් නිකුත් කරමින් රජයේ දන්ත ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ලක්මිණ ඒකනායක මහතා සඳහන් කරනුයේ සිද්ධිය පිළිබඳ සිය සංගමය පිළිකුලෙන් යුතුව හෙලා දකින බවත් රෝහල් කාර්ය මණ්ඩලයේ සුරක්ෂිතභාවට තහවුරු කිරීමට නොහැකි වීම සම්බන්ධයෙන් සිය සංගමයේ විරෝධය පළ කරන බවත්ය.

රෝහල් පද්ධතිය, සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට අනාරක්ෂිත ස්ථානයක් බවට පත්ව ඇති බවත් රෝහල් කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සහතික කිරීම රජයේ වගකීමක් වනු ඇති බවද ලේකම්වරයා සිය ලිපිය මගින් දන්වා තිබේ.

එමෙන්ම සමාජ මාධ්‍ය හරහා වෛද්‍යවරුන් හා සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩලය කෙරෙහි වෛරය පැතිරවීමේ කුමන්ත්‍රණය නැවැත්වීමට රජය මැදිහත් විය යුතු බවත් සඳහන් කර ඇති වෛද්‍ය ලක්මිණ මහතා සිය ලිපිය මගින් පෙන්වා දී ඇත්තේ ඒ සම්බන්ධව සිදුකරනු ලබන බල කිරීමක් වශයෙන් සිය සංගමය හෙට දහවල් 12 දක්වා සංකේත වැඩ වර්ජනයක් සිදු කිරීමට සැලසුම් කර ඇති බවය.

ඒ අනුව කෑගල්ල දිස්ත්‍රික්කයේ සේවය කරනු ලබන සියලුම දන්ත ශල්‍ය වෛද්‍යවරුන් හා එක්ව මෙම වැඩවර්ජනය ආරම්භ කිරීමට තීරණය කළ බවත් වෛද්‍ය ලක්මිණ ඒකනායක මහතා සිය ලිපිය මගින් වැඩිදුරටත් සඳහන් කර තිබේ.

වෙනත් පුවත්

උණුසුම් පුවත්