සිරස්තල
පාසල් සිසුන්ට විදේශීය දුම්වැටි විකුණූ ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට ඇල්ල බස් අනතුරේදී නිර්භීත මෙහෙයුමක නිරත වූ සෙබළාට යුද හමුදාවෙන් උසස්වීමක් මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත-මීරිගම කොටස යළි ඇරඹේ තරගයක් අවසානයේ ප්‍රතිවාදීන්ට අතට අත දීමට නීතියක් නැහැ (BCCI) නිලධාරියෙක් මාධ්‍යයට ප්‍රකාශ කරයි මගුල් ගමනක් වෙනුවට මරණය: කටුනායක බලා ගිය වෑන් රථයක් අනතුරට දරුණු ගින්නකින් පැල්පත් නිවාස දහසකට වැඩි ප්‍රමාණයක් විනාශ වෙයි ආක්‍රමණශීලී විසිතුරු මත්ස්‍ය විශේෂ 4ක් තහනම් කෙරේ ඊයේ දිනයේ ඉන්දු-පාක් තරගයෙන් පසු මතභේදාත්මක තත්ත්වයක් මාරවිල වෙරළට අත් පා නොමැති මළ සිරුරක් ගොඩ ගසයි විස්සයි විස්ස ඉන්දු-පාක් සටනට ඩුබායි හි දැඩි ආරක්ෂාවක්

කොටහේන ප්‍රදේශයේදී මෝටර් රථයකට පොලිසියෙන් වෙඩි

කොටහේන – බ්ලූමැන්ඩල් පාර ප්‍රදේශයේදී සැක කටයුතු මෝටර් රථයකට පොලිසිය විසින් වෙඩි තබා තිබෙනවා. මෙම වෙඩි තැබීම සිදු කර ඇත්තේ, මට්ටක්කුලිය පොලිසියේ නිලධාරීන් පිරිසක් විසින්.

මිතුරන් සමග බෙදාගන්න

කොටහේන – බ්ලූමැන්ඩල් පාර ප්‍රදේශයේදී සැක කටයුතු මෝටර් රථයකට පොලිසිය විසින් වෙඩි තබා තිබෙනවා.

මෙම වෙඩි තැබීම සිදු කර ඇත්තේ, මට්ටක්කුලිය පොලිසියේ නිලධාරීන් පිරිසක් විසින්.

ඊයේ රාත්‍රියේ පුද්ගලයෙකු සිය ගැබිණි බිරිද සහ මව සමග ආහාර මිලදී ගැනීම සදහා කොටහේන වීදියේ පිහිටි අවන්හලක් වෙත පැමිණ තිබෙනවා.

පසුව ඔහු පණ ගන්වා තිබූ මෝටර් රථය තුළ බිරිඳ සහ මව සිටියදී අසල පිහිටි අවන්හලක් වෙත ගොස් ඇත්තේ ආහාර මිලදී ගැනීම සදහායි.

එම අවස්ථාවේ පුද්ගලයෙකු පැමින බිරිඳ සහ මව සමගම පණ ගන්වා තිබූ මෝටර් රථය පැහැරගෙන ගොස් තිබෙනවා.

එහිදී විමර්ශන කටයුත්තක් සදහා එම ප්‍රදේශයට පැමිණ සිටි මට්ටක්කුලිය පොලිසියේ නිලධාරීන් පිරිසකට මේ සම්බන්ධයෙන් තොරතුරු ලැබී තිබුණා.

ඒ අනුව, ඔවුන් වහාම ක්‍රියාත්මක වී පැහැර ගෙන යමින් තිබූ මෝටර් රථය ලුහුබැද තිබෙනවා.

රාජකාරි පිස්තෝල ගිනිඅවියෙන් මෝටර් රථය දෙසට වෙඩි ප්‍රහාර දෙකක් ද එල් කර ඇති අතර බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ දී සැකකරු මෝටර් රථය දමා පළා ගොස් තිබුණා.

මෝටර් රථය පොලිස් භාරයට ගෙන ඇති අතර, ඒ තුළ සිට කාන්තාවන් දෙදෙනාට කිසිදු හානියක් සිදුව නැහැ.

වෙනත් පුවත්

උණුසුම් පුවත්