සිරස්තල
සූකර ගොවීන්ට අලුත් රක්ෂණයක් “බලශක්ති මධ්‍යස්ථාන සහමුලින්ම විනාශ කරනවා” – ඉරානයෙන් අමෙරිකාවට සහ ඊශ්‍රායලයට දරුණු අනතුරු ඇඟවීමක් ශ්‍රී ලංකාවට අඛණ්ඩව ඉන්ධන ලබාදීමට කටාර් එමීර්වරයාගෙන් සහතිකයක් පරණ QR එක අලුත් කරගන්න අද (19) සිට නව පහසුකමක්, වෙනත් අංකවලට ලියාපදිංචි කළ වාහනවලට විසඳුම් ඉන්ධන නිකුත් කිරීමේදී අද (19) සිට ‘ඔත්තේ-ඉරට්ටේ’ ක්‍රමය ක්‍රියාත්මකයි අවසරයකින් තොරව ඩ්‍රෝන පියාසර කිරීම තහනම් දුම්රිය ගමන් වාර සීමා වෙයි – බස් රථ ධාවනය සාමාන්‍ය පරිදි ඉරාන ආරක්ෂක ප්‍රධානී අලි ලරිජානි ඊශ්‍රායල ප්‍රහාරයකින් ජීවිතක්ෂයට ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළට, මැදපෙරදිග සැපයුම් ජාලය යළි සක්‍රිය වෙයි බදාදා නිවාඩුවට හේතුව මෙන්න, පොදු ප්‍රවාහනයත් සීමා වෙයි

කොළඹ ඉඩම් ගනුදෙනුවකදී පර්චසයකට ගෙවන ලද ඉතිහාසයේ ඉහළම මිල

කොළඹ, තුම්මුල්ල ප්‍රදේශයේ අක්කරයකට ආසන්න ඉඩමක් පර්චසයක් රුපියල් මිලියන 29ක වාර්තාගත මුදලකට අත්පත් කර ගැනීමට Home Lands සමූහය සමත්ව තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම

මිතුරන් සමග බෙදාගන්න

කොළඹ, තුම්මුල්ල ප්‍රදේශයේ අක්කරයකට ආසන්න ඉඩමක් පර්චසයක් රුපියල් මිලියන 29ක වාර්තාගත මුදලකට අත්පත් කර ගැනීමට Home Lands සමූහය සමත්ව තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම සඳහන් කළේ, මෙය කොළඹ ඉඩම් ගනුදෙනුවකදී පර්චසයකට ගෙවන ලද ඉතිහාසයේ ඉහළම මුදල බවයි.

මෙම වාර්තාගත ඉඩම් මිලදී ගැනීමේ ආයෝජනය රුපියල් බිලියන 4.5 ඉක්මවා ඇති බව සඳහන්.

මෙලෙස මිලදී ගත් තුම්මුල්ල ඉඩමේ මහල් 40 කින් යුත් අති සුඛෝපභෝගී මහල් නිවාස ව්‍යාපෘතියක් වන Pentara Residencies ඉදිකිරීමට නියමිතයි. එම ව්‍යාපෘතිය සඳහා හැටන් නැෂනල් බැංකුව අරමුදල් සපයනු ලබන ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘතියක් බවයි වාර්තා වන්නේ.

මෙම වාර්තාගත ඉඩම් ගනුදෙනුව, කොළඹ දේපළ වෙළඳපොළේ වර්ධනය වන විශ්වාසය සහ ඉදිරි ආයෝජන අවස්ථා පිළිබඳව මනා දර්ශකයක් සපයයි.

වෙනත් පුවත්

උණුසුම් පුවත්