සිරස්තල
තෙල් හිඟයක් නෑ – බලශක්ති අමාත්‍යාංශය ජනතාවට සහතික වෙයි ඊශ්‍රායල ප්‍රහාරයකින් ඉරාන ඉහළම හමුදා අණදෙන නිලධාරී අලි ෂඩ්මානි ඝාතනය කෙරේ ප්‍රංශය සමඟ ණය ප්‍රතිව්‍යුහගතකරණ ගිවිසුම අත්සන් තබයි මෙරට ඉතිහාසයේ දැවැන්තම ලොතරැයි දිනුම ජයග්‍රහණය කරයි මැතිව්ස් සහභාගි වන අවසන් ටෙස්ට් තරගය අද ආරම්භ වෙයි ඉන්දියාව වසර 11කින් මිලියන 269ක් අන්ත දුගීභාවයෙන් මුදවා ගනී ඉරාන බුද්ධි ප්‍රධානියා ඊශ්‍රායල ප්‍රහාරයෙන් මරුට දිස්ත්‍රික්ක 7කට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කරයි බංග්ලාදේශ ටෙස්ට් තරගාවලියට අලුත් මුහුණු 6ක් සමග ශ්‍රී ලංකා සංචිතය නම් කරයි උතුරු ඉන්දියාවේ හෙළිකොප්ටර් අනතුරක්: පුද්ගලයන් 7 දෙනෙකු මරුට

කොළඹ සිට මුම්බායි වෙත ගමන් කරමින් තිබූ නෞකාවක පිපිරීමක්

සිංගප්පූරු ධජය සහිත බහාලුම් නෞකාවක් වන MV Wan Hai 503 යාත්‍රාවේ කේරළ වෙරළට ඔබ්බෙන් වූ මුහුදේදී පිපිරීමක් සිදුව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. මීටර්

මිතුරන් සමග බෙදාගන්න

සිංගප්පූරු ධජය සහිත බහාලුම් නෞකාවක් වන MV Wan Hai 503 යාත්‍රාවේ කේරළ වෙරළට ඔබ්බෙන් වූ මුහුදේදී පිපිරීමක් සිදුව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

මීටර් 270ක් දිග මෙම නෞකාව පසුගිය ජූනි 07 වැනි දින කොළඹ වරායෙන් පිටත්වී මුම්බායි බලා ගමන් කරමින් තිබී ඇත. එය ජූනි 10 වැනි දින මුම්බායි ‘නවා ශෙවා’ වරාය වෙත ළඟා වීමට නියමිතව තිබුණි. පිපිරීම සිදුවන අවස්ථාවේදී නෞකාවේ කාර්ය මණ්ඩලයේ 22 දෙනෙකු සිට ඇති අතර, ඉන් 18 දෙනෙකු බෝට්ටු මාර්ගයෙන් නැව අතහැර දමා ගොස් තිබෙනවා. පිපිරීම හේතුවෙන් කාර්ය මණ්ඩලයේ ඇතැම් පිරිස් තුවාල ලබා ඇති බව සඳහන් වේ.

සිද්ධිය සැලවීමත් සමඟ ඉන්දීය වෙරළාරක්ෂක බළකාය සහ ඉන්දීය නාවික හමුදාව විසින් කඩිනමින් ගලවා ගැනීමේ කණ්ඩායම් යොදවා තිබෙනවා. තුවාල ලැබූ කාර්ය මණ්ඩල සාමාජිකයින් වහාම රෝහල් වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ. පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

 

වෙනත් පුවත්

උණුසුම් පුවත්