සිරස්තල
ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ ඉෂාරා සෙව්වන්දිගේ මව මියයයි Air India ගුවන් අනතුරට හේතුව එන්ජින් ඉන්ධන සැපයුම කපා හැරීම බව මූලික වාර්තාවක් කියයි. එරික් මේයර් ශ්‍රී ලංකාවේ නව ඇමෙරිකානු තානාපති ධුරයට යෝජනා වෙයි මස්ක්ගේ දේශපාලනය ටෙස්ලාට ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සමාන මුදලක් අහිමි කරයි ෂී ජින්පිං කොහේද? චීනයේ තිරය පිටුපස ඇති බල අරගලය කුසල්-පැතුම් පිතිහරඹයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 7ක ජයක් YouTube වෙතින් ප්‍රතිපත්ති යාවත්කාලීන කිරීමක් පිල්ලෙයාන් පාස්කු ප්‍රහාරය ගැන පූර්ව දැනුවත්භාවයෙන් සිටි බවට අනාවරණයක් ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු ‘කෙහෙල්බද්දර පද්මේ’ අත්අඩංගුවට පාලමක් කඩා වැටීමෙන් පුද්ගලයන් 10ක් මරුට

කෝටි 3කට අධික වටිනාකමකින් යුත් නීති විරෝධී සුඛෝපභෝගී වාහන දෙකක් පොලිස් භාරයට

නීති විරෝධීව මෙරටට ගෙන්වූ බවට සැකකෙරෙන රුපියල් කෝටි 3කට අධික වටිනාකමකින් යුත් සුඛෝපභෝගී වාහන දෙකක් බණ්ඩාරගම ප්‍රදේශයේදී පොලිස් භාරයට ගෙන තිබෙනවා. පානදුර වලාන දූෂණ මර්දන

මිතුරන් සමග බෙදාගන්න

නීති විරෝධීව මෙරටට ගෙන්වූ බවට සැකකෙරෙන රුපියල් කෝටි 3කට අධික වටිනාකමකින් යුත් සුඛෝපභෝගී වාහන දෙකක් බණ්ඩාරගම ප්‍රදේශයේදී පොලිස් භාරයට ගෙන තිබෙනවා.

පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක බළකාය සඳහන් කළේ මෙම වාහන කළුතර දිස්ත්‍රික්කයේ හිටපු ප්‍රබල දේශපාලනඥයෙකුගේ සමීපතමයෙකුට අයත් බවයි. පොලිසිය පවසන පරිදි, මෙම වාහන දෙකට මොන්ටෙරෝ වර්ගයේ ජීප් රථයක් සහ කැරවන් වර්ගයේ වෑන් රථයක් අයත් වනවා.

බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයට බණ්ඩාරගම වීදාගම ප්‍රදේශයේ පුද්ගලයෙකුට අයත් සැකකටයුතු වෑන් රථයක් බණ්ඩාරගම ආදර්ශ පටුමග නිවසක සඟවා තිබෙන බවට ලද තොරතුරක් මත අදාළ වෑන් රථය පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ එම වෑන් රථයේ සවිකර ඇති ලියාපදිංචි අංකයම හොරණ, මිල්ලනිය ප්‍රදේශයේ තවත් වාහනයක තිබෙන බවත්, එය නිත්‍යානුකූලව ලියාපදිංචි කර ආරක්ෂක අංශයක සේවය කරන පුද්ගලයෙක් පරිහරණය කරන වාහනයක් බවත් පොලිසිය පවසයි.

තවදුරටත්, පොලිස් භාරයට ගත් ජීප් රථයේ ඇති ලියාපදිංචි අංකය මෝටර් රථ දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ දත්ත වෙනස් කර ඇතුළත් කර සකස් කරන ලද්දක් බව මේ වන විට විමර්ශන හමුවේ හෙළි වී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

වෙනත් පුවත්

උණුසුම් පුවත්