සිරස්තල
හෝමුස් සමුද්‍ර සන්ධියෙන් ඉරානයට ප්‍රහාර එල්ල කිරීමට කිසිවෙකුට ඉඩ දෙන්නේ නැහැ – ඉරාන විදේශ අමාත්‍යාංශය මෙවර අලුත් අවුරුද්දට පොදු නැකැත් සීට්ටුවක් 2026 ඔස්කාර් සම්මාන උළෙල: හොඳම නළුවා මයිකල් බී. ජෝර්ඩන් ඩ්‍රෝන ප්‍රහාරයක් හේතුවෙන් ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ මෙහෙයුම් තාවකාලිකව නවතී රුපියල් බිලියන 3ක හෙරොයින් සමඟ බහුදින යාත්‍රාවක් දික්ඕවිටට, බේරුවලදී තවත් වැටලීමක් රුපියල් බිලියන 10ක දැවැන්ත මත්ද්‍රව්‍ය සහ ගිනිඅවි තොගයක් නාවික හමුදා භාරයට අමෙරිකානු ඉන්ධන පිරවුම් යානයක් ඉරාකයේදී කඩාවැටෙයි, ප්‍රහාරයේ වගකීම සන්නද්ධ කණ්ඩායමක් භාර ගනී නව තානාපතිවරුන් 10කට පාර්ලිමේන්තු අනුමැතිය: ප්‍රධාන රටවල් රැසක රාජ්‍යතාන්ත්‍රික වගකීම් අලුත් වෙයි නිල් මහා සටනේ 147 වැනි අභියෝගය අද ඇරඹෙයි සාමය සඳහා ඉරානයෙන් කොන්දේසි 03ක්

ගංගාරාම ධාතු වන්දනාව හෙට අලුයමින් අවසන්

කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ පවත්වනු ලබන උතුම් සර්වඥ ධාතූන් වහන්සේ වන්දනාමාන කිරීමේ පින්කම හෙට (පෙබරවාරි 11) පෙරවරු 6.00ට අවසන් වීමට නියමිතය. රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්

මිතුරන් සමග බෙදාගන්න

කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ පවත්වනු ලබන උතුම් සර්වඥ ධාතූන් වහන්සේ වන්දනාමාන කිරීමේ පින්කම හෙට (පෙබරවාරි 11) පෙරවරු 6.00ට අවසන් වීමට නියමිතය.

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් එච්.එස්.කේ.ජේ. බණ්ඩාර මහතා දැනුම් දෙන්නේ, ධාතූන් වහන්සේ වන්දනා කිරීමට බලාපොරොත්තු වන සැදැහැවතුන් අද (10) රාත්‍රී 10.00ට පෙර පෝළිම්වලට එක්විය යුතු බවයි. නියමිත වේලාවට වන්දනාව අවසන් කිරීමට සිදුවන බැවින් මෙම පියවර ගෙන තිබේ.

මෙරට 78 වැනි නිදහස් සැමරුමට සමගාමීව, ඉන්දීය රජයේ පූර්ණ අනුග්‍රහයෙන් වැඩම කරවන ලද ඓතිහාසික “දෙව්නිමෝරි” ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ පසුගිය පෙබරවාරි 05 වැනිදා සිට ගංගාරාමයේදී ජනතාවට වන්දනාමාන කිරීමට අවස්ථාව උදා විය.

ඉන්දීය විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත වැඩම කළ ධාතූන් වහන්සේ, විශේෂ රිය පෙරහරකින් ගංගාරාම විහාරස්ථානය වෙත වැඩම කරවන ලදී.ධාතූන් වහන්සේ වෙත ප්‍රථම පුෂ්පෝපහාරය දැක්වීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතින් සිදු විය.

දින කිහිපයක් පුරා දහස් සංඛ්‍යාත සැදැහැවතුන්ගේ වන්දනාමානයට ලක් වූ මෙම පින්කම හෙට අලුයම අවසන් වන බැවින්, මෙතෙක් වන්දනාමාන කිරීමට නොහැකි වූ පිරිස් අද රාත්‍රී 10ට පෙර පැමිණෙන ලෙස සංවිධායක මණ්ඩලය වැඩිදුරටත් ඉල්ලා සිටී.

වෙනත් පුවත්

උණුසුම් පුවත්