සිරස්තල
“ඒහිපස්සිකෝ” සාමයේ පණිවිඩය ලොවට රැගෙන ගිය භික්ෂූන් වහන්සේලා දිවයිනෙන් පිටව යති හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුව අද යළි කැඳවයි දකුණු ලෙබනනයේ සූර්ය පැනල විනාශ කිරීම ගැන ඊශ්‍රායලයට යුද අපරාධ චෝදනා තුන්වන චාල්ස් රජු සහ කැමිලා රැජින අමෙරිකාවට සටන් විරාමය අතරතුර ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක් සහල් සහ ජලය වැඩි මිලට විකුණූ වෙළෙඳුන් කොටු වෙයි වාද්දූවේදී සාගරිකා දුම්රිය පීලි පනී ත්‍රස්තවාදයට මුදල් සැපයීම අඩාල කිරීමට දැඩි මූල්‍ය සම්බාධක: ආරක්ෂක අමාත්‍යාංශයෙන් විශේෂ වැඩපිළිවෙළක් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරුවේ වැසි “ඒහිපස්සිකෝ” සාමයේ පා ගමන අද දඹුල්ලෙන් ඇරඹෙයි

ගංගා කිහිපයක ජල මට්ටම ඉහළට

කළු ගඟේ ජල මට්ටම රත්නපුර, මිල්ලකන්ද සහ ඇල්ලගාව ප්‍රදේශවලින් ‘අවධානය යොමු කළ යුතු මට්ටම’ දක්වා ඉහළ ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. දැනට පවතින

මිතුරන් සමග බෙදාගන්න

කළු ගඟේ ජල මට්ටම රත්නපුර, මිල්ලකන්ද සහ ඇල්ලගාව ප්‍රදේශවලින් ‘අවධානය යොමු කළ යුතු මට්ටම’ දක්වා ඉහළ ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

දැනට පවතින වර්ෂාපතන තත්ත්වය අනුව ගංවතුර තත්ත්වයක් දක්වා ජල මට්ටම පැමිණේ යැයි අපේක්ෂා නොකරන බව එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ, ඉංජිනේරු එල්.එස්. සූරියබණ්ඩාර මහතා සඳහන් කළේය.

කෙසේ වෙතත්, මේ වන විටත් ගංගා රැසක ජල මට්ටම් ඉහළ තත්ත්වයක පවතින බැවින්, ඉදිරියේ දී සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබුණහොත් ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානම පවතින බව අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

  • කළු ගඟ ද්‍රෝණිය: වර්ෂාපතනය අනුව අද (ඔක්තෝබර් 25) දිනයේදී කළු ගඟ ද්‍රෝණියේ වෙසෙන ජනතාව විශේෂ අවධානයෙන් පසුවන ලෙස දැනුම් දී තිබේ.
  • කැළණි ගඟ සහ අත්තනගලු ඔය: මෙම ගංගා ආශ්‍රිතව වෙසෙන ජනතාව ද විශේෂ සැලකිල්ලෙන් සිටිය යුතු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

ඉදිරියේ දී ලැබෙන වර්ෂාපතනයන්ගේ රටාව අනුව ගංවතුර තත්ත්වයන් ඇතිවිය හැකිද යන්න පිළිබඳව ජනතාව වහාම දැනුම්වත් කරන බවද වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

වෙනත් පුවත්

උණුසුම් පුවත්