සිරස්තල
“ඒහිපස්සිකෝ” සාමයේ පණිවිඩය ලොවට රැගෙන ගිය භික්ෂූන් වහන්සේලා දිවයිනෙන් පිටව යති හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුව අද යළි කැඳවයි දකුණු ලෙබනනයේ සූර්ය පැනල විනාශ කිරීම ගැන ඊශ්‍රායලයට යුද අපරාධ චෝදනා තුන්වන චාල්ස් රජු සහ කැමිලා රැජින අමෙරිකාවට සටන් විරාමය අතරතුර ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක් සහල් සහ ජලය වැඩි මිලට විකුණූ වෙළෙඳුන් කොටු වෙයි වාද්දූවේදී සාගරිකා දුම්රිය පීලි පනී ත්‍රස්තවාදයට මුදල් සැපයීම අඩාල කිරීමට දැඩි මූල්‍ය සම්බාධක: ආරක්ෂක අමාත්‍යාංශයෙන් විශේෂ වැඩපිළිවෙළක් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරුවේ වැසි “ඒහිපස්සිකෝ” සාමයේ පා ගමන අද දඹුල්ලෙන් ඇරඹෙයි

ගණේමුල්ලේදී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සමඟ තරුණයන් දෙදෙනෙකු කොටුවේ

ගණේමුල්ල ප්‍රදේශයේදී සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත්ව තිබේ. ගෝනහේන කඳවුරේ නිලධාරීන්

මිතුරන් සමග බෙදාගන්න

ගණේමුල්ල ප්‍රදේශයේදී සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත්ව තිබේ. ගෝනහේන කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මාර්ග බාධක රාජකාරියේ යෙදී සිටියදී, සැකකටයුතු ලෙස ගමන් කළ යතුරුපැදියක් පරීක්ෂා කිරීමේදී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 470ක් සහ හෙරොයින් ග්‍රෑම් 230ක් පොලිස් භාරයට ගෙන තිබේ. මෙම මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් ලක්ෂ ගණනාවක් වන බව විමර්ශන අංශ පවසයි.

අත්අඩංගුවට පත් වූ සැකකරුවන් දෙදෙනා 25 සහ 26 යන වයස්වල පසුවන බොල්ලත සහ ගණේමුල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව හඳුනාගෙන තිබේ. මොවුන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ද යන්න පිළිබඳව පොලිසිය දැඩි අවධානය යොමු කර ඇත.

ගණේමුල්ල පොලිසිය විසින් සැකකරුවන් සහ මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු මෙහෙයවනු ලබයි.

වෙනත් පුවත්

උණුසුම් පුවත්