සිරස්තල
අවුරුදු නිවාඩුව නිමා වී ආපසු එන ජනතාවට දුම්රියෙන් විශේෂ සහනයක්: අමතර ගමන්වාර රැසක් ගල්අඟුරු ජාවාරම් සෙවීමට ජනපතිගෙන් විශේෂ කොමිසමක් ඉන්දීය උප ජනාධිපති දෙදින නිල සංචාරයකට ලංකාවට එයි මැදපෙරදිග අර්බුදයෙන් පසු පළමු බොරතෙල් නෞකාව අද දිවයිනට රුපියල් කෝටි 400ක හෙරොයින් නාවික හමුදා දැලට ප්‍රමිතියෙන් තොර අංක තහඩු ඇති වාහන අත්අඩංගුවට: රුපියල් 25,000 දක්වා දඩයක් දේශපාලනය කුමක් වුවත් ඉරානය ලෝක කුසලානයට එන්නම ඕනේ අවුරුදු සමයේ වෙළෙඳ වැටලීම් තද වෙයි: අහිතකර ආහාර විකුණූ වෙළෙඳුන් 400කට නඩු හෝමුස් සමුද්‍ර සන්ධියේ අමෙරිකානු අවහිරය දැඩි වෙයි අවුරුදු උළෙල ලේ විලක් වෙයි: දින දෙකකදී මාරක රිය අනතුරු 36ක් සහ ගැටුම් 35ක්

ගණේමුල්ල සංජීව ඝාතනයට සම්බන්ධ ඉෂාරා සෙව්වන්දි රටින් පලාගොස්

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වූ ගණේමුල්ල සංජීව අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේදී ඝාතනය කිරීමට ආධාර අනුබල දුන් බවට නම සඳහන් වූ ඉෂාරා සෙව්වන්දි නැමැති කාන්තාව එම සිදුවීමෙන්

මිතුරන් සමග බෙදාගන්න

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වූ ගණේමුල්ල සංජීව අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේදී ඝාතනය කිරීමට ආධාර අනුබල දුන් බවට නම සඳහන් වූ ඉෂාරා සෙව්වන්දි නැමැති කාන්තාව එම සිදුවීමෙන් පසු රටින් පලාගොස් ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෙම තොරතුරු අනාවරණය වී ඇත්තේ, පසුගියදා ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ ඇතුළු අපරාධකරුවන් පිරිසගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදීයි.

ශ්‍රී ලංකා පොලීසිය, ඉන්දුනීසියානු පොලීසිය සහ ජාත්‍යන්තර පොලීසිය ඒකාබද්ධව සිදුකළ මෙහෙයුමකින් අත්අඩංගුවට ගත් කෙහෙල්බද්දර පද්මේ, කමාන්ඩෝ සලින්ත, බැකෝ සමන් ඇතුළු පිරිසක් මේ වනවිට රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරමින් සිටී. මෙම පිරිස අතරින් කෙහෙල්බද්දර පද්මේ, පානදුර නිලංග සහ කමාන්ඩෝ සලින්ත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින අතර, තැඹිලි ළහිරු සහ බැකෝ සමන් බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය භාරයේ සිටිනවා.

මෙම සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔවුන් සතුව තිබූ ජංගම දුරකථන 28ක්ද ඉන්දුනීසියානු පොලීසිය භාරයට ගෙන ඇති අතර, එම දුරකථන මේ වනවිට ශ්‍රී ලංකා පොලීසිය වෙත භාර දී තිබෙනවා. ඒවා භාවිතයෙන් ලබාගත් දුරකථන ඇමතුම් පිළිබඳව මේ වනවිට විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බවද වාර්තා වේ.

ගණේමුල්ල සංජීව ඝාතනයට අදාළව තවදුරටත් තොරතුරු අනාවරණය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

වෙනත් පුවත්

උණුසුම් පුවත්