සිරස්තල
අවුරුදු නිවාඩුව නිමා වී ආපසු එන ජනතාවට දුම්රියෙන් විශේෂ සහනයක්: අමතර ගමන්වාර රැසක් ගල්අඟුරු ජාවාරම් සෙවීමට ජනපතිගෙන් විශේෂ කොමිසමක් ඉන්දීය උප ජනාධිපති දෙදින නිල සංචාරයකට ලංකාවට එයි මැදපෙරදිග අර්බුදයෙන් පසු පළමු බොරතෙල් නෞකාව අද දිවයිනට රුපියල් කෝටි 400ක හෙරොයින් නාවික හමුදා දැලට ප්‍රමිතියෙන් තොර අංක තහඩු ඇති වාහන අත්අඩංගුවට: රුපියල් 25,000 දක්වා දඩයක් දේශපාලනය කුමක් වුවත් ඉරානය ලෝක කුසලානයට එන්නම ඕනේ අවුරුදු සමයේ වෙළෙඳ වැටලීම් තද වෙයි: අහිතකර ආහාර විකුණූ වෙළෙඳුන් 400කට නඩු හෝමුස් සමුද්‍ර සන්ධියේ අමෙරිකානු අවහිරය දැඩි වෙයි අවුරුදු උළෙල ලේ විලක් වෙයි: දින දෙකකදී මාරක රිය අනතුරු 36ක් සහ ගැටුම් 35ක්

ගැබිනි මුවදෙන ඝාතනය කළ තවත් සැකකරුවෙක් බලපත්‍ර රහිත ගිනි අවි 3ක් සමඟින් අත්අඩංගුවට

ගලේවෙල, මකුලුගස් වැව, හීනුග්ගල රක්ෂිතයේදී ගැබිනි මුවදෙනක් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු සතුව තිබී බලපත්‍ර රහිත ගිනි අවි

මිතුරන් සමග බෙදාගන්න

ගලේවෙල, මකුලුගස් වැව, හීනුග්ගල රක්ෂිතයේදී ගැබිනි මුවදෙනක් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු සතුව තිබී බලපත්‍ර රහිත ගිනි අවි 03ක් ද සොයාගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

මෙම නව සැකකරු පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇත්තේ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (ජූලි 25) දින අත්අඩංගුවට ගැනුණු පොලිස් සැරයන්වරු දෙදෙනා ඇතුළු තිදෙනාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුවයි. ඊයේ අත්අඩංගුවට ගැනුණු පොලිස් සැරයන්වරයෙකු සහ සිවිල් පුද්ගලයා සහෝදරයන් බවද පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.

අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් දෙදෙනා සම්බන්ධයෙන් ඉදිරියේදී විනය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව පොලීසිය ප්‍රකාශ කළා.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් 04 දෙනා අද (ජූලි 26) දිනයේදී දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

වෙනත් පුවත්

උණුසුම් පුවත්