සිරස්තල
“ඊශ්‍රායල ආක්‍රමණශීලීත්වයට දඬුවම් දීම අවසන් මොහොත දක්වාම සිදුවුණා” – ඉරානයෙන් ප්‍රකාශයක් කටාර් රාජ්‍යයේ ඇමරිකානු කදවුරකට ඉරානයෙන් ප්‍රහාර යුදමය තත්ත්වය හේතුවෙන් කටාර් ගුවන් කලාපය තාවකාලිකව වසාදමයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රධානියා ශ්‍රී ලංකාවට හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමුවහොත් ගෝලීය ආර්ථිකයට දැවැන්ත බලපෑමක් “බීමතින් රිය පැදවීම – රු. ලක්ෂ 5ක් දඩ හෝ වසර 2ක සිර දඬුවම්”: සමාජ මාධ්‍ය පුවත අසත්‍යයි නෙත්මි අහිංසාගෙන් ඓතිහාසික පදක්කමක් සිඟමනේ යෙදෙන දරුවන් බේරා ගැනීමට විශේෂ මෙහෙයුමක් ඊශ්‍රායල යුද උණුසුම මධ්‍යයේ උතුරු ඉරානයට භූමිකම්පාවක් ශ්‍රී ලංකාවේ සමරිසි අයිතිවාසිකම් යුරෝපා පාර්ලිමේන්තුවේ අවධානයට

ගුවන් සේවිකාවකට ලිංගික අතවර කළ ශ්‍රී ලාංකිකයෙක් කටුනායකදී අත්අඩංගුවට

ඩුබායි සිට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණෙමින් තිබූ එමිරේට්ස් ගුවන් සේවයේ ගුවන් යානයක් තුළදී 39 හැවිරිදි දකුණු අප්‍රිකානු ජාතික ගුවන් සේවිකාවකට ලිංගික අතවර සිදු කළ

මිතුරන් සමග බෙදාගන්න

ඩුබායි සිට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණෙමින් තිබූ එමිරේට්ස් ගුවන් සේවයේ ගුවන් යානයක් තුළදී 39 හැවිරිදි දකුණු අප්‍රිකානු ජාතික ගුවන් සේවිකාවකට ලිංගික අතවර සිදු කළ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු කටුනායක ගුවන්තොටුපළ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු අද (මැයි 29) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

නැවක කපිතාන්වරයෙකු ලෙස සේවය කරන, 49 හැවිරිදි මෙම සැකකරු යාපනය ප්‍රදේශයේ පදිංචි ද්‍රවිඩ ජාතිකයෙකි. ඔහු ඊයේ (මැයි 28) උදෑසන 9.00ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ EK-650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබුණි.

ගුවන් යානයෙන් පැමිණෙමින් සිටියදී, අධික ලෙස බීමත්ව සිටි ඔහු, ගුවන් යානයේ සේවය කරමින් සිටි දකුණු අප්‍රිකානු ජාතික ගුවන් සේවිකාවට ලිංගික අතවර කර ඇති බවට වාර්තා වේ.

අතවරයට ලක්වූ ගුවන් සේවිකාව වහාම මේ පිළිබඳව ගුවන් යානයේ නියමුවා දැනුවත් කර තිබේ. ගුවන් යානය කටුනායක ගුවන්තොටුපළ වෙත ගොඩ බැස්සවීමෙන් අනතුරුව, ගුවන්තොටුපළ ආරක්ෂක නිලධාරීන්ගේ ද සහාය ඇතිව පොලීසිය විසින් මෙම ගුවන් මගියා අත්අඩංගුවට ගනු ලැබීය.

පසුව, සැකකරු මීගමුව අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, ඔහු බීමත්ව සිටි බවට කරුණු තහවුරු වී ඇත. ඒ අනුව, මෙම ගුවන් මගියා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

මෙම අත්අඩංගුවට ගැනීම සහ වැඩිදුර විමර්ශන කටයුතු කටුනායක ගුවන්තොටුපළ පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එල්මෝ මැල්කම් පේට් මහතාගේ උපදෙස් සහ අධීක්ෂණය යටතේ සිදු කෙරේ.

වෙනත් පුවත්

උණුසුම් පුවත්