සිරස්තල
අවුරුදු නිවාඩුව නිමා වී ආපසු එන ජනතාවට දුම්රියෙන් විශේෂ සහනයක්: අමතර ගමන්වාර රැසක් ගල්අඟුරු ජාවාරම් සෙවීමට ජනපතිගෙන් විශේෂ කොමිසමක් ඉන්දීය උප ජනාධිපති දෙදින නිල සංචාරයකට ලංකාවට එයි මැදපෙරදිග අර්බුදයෙන් පසු පළමු බොරතෙල් නෞකාව අද දිවයිනට රුපියල් කෝටි 400ක හෙරොයින් නාවික හමුදා දැලට ප්‍රමිතියෙන් තොර අංක තහඩු ඇති වාහන අත්අඩංගුවට: රුපියල් 25,000 දක්වා දඩයක් දේශපාලනය කුමක් වුවත් ඉරානය ලෝක කුසලානයට එන්නම ඕනේ අවුරුදු සමයේ වෙළෙඳ වැටලීම් තද වෙයි: අහිතකර ආහාර විකුණූ වෙළෙඳුන් 400කට නඩු හෝමුස් සමුද්‍ර සන්ධියේ අමෙරිකානු අවහිරය දැඩි වෙයි අවුරුදු උළෙල ලේ විලක් වෙයි: දින දෙකකදී මාරක රිය අනතුරු 36ක් සහ ගැටුම් 35ක්

ගුවන් සේවිකාවකට ලිංගික අතවර කළ ශ්‍රී ලාංකිකයෙක් කටුනායකදී අත්අඩංගුවට

ඩුබායි සිට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණෙමින් තිබූ එමිරේට්ස් ගුවන් සේවයේ ගුවන් යානයක් තුළදී 39 හැවිරිදි දකුණු අප්‍රිකානු ජාතික ගුවන් සේවිකාවකට ලිංගික අතවර සිදු කළ

මිතුරන් සමග බෙදාගන්න

ඩුබායි සිට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණෙමින් තිබූ එමිරේට්ස් ගුවන් සේවයේ ගුවන් යානයක් තුළදී 39 හැවිරිදි දකුණු අප්‍රිකානු ජාතික ගුවන් සේවිකාවකට ලිංගික අතවර සිදු කළ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු කටුනායක ගුවන්තොටුපළ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු අද (මැයි 29) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

නැවක කපිතාන්වරයෙකු ලෙස සේවය කරන, 49 හැවිරිදි මෙම සැකකරු යාපනය ප්‍රදේශයේ පදිංචි ද්‍රවිඩ ජාතිකයෙකි. ඔහු ඊයේ (මැයි 28) උදෑසන 9.00ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ EK-650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබුණි.

ගුවන් යානයෙන් පැමිණෙමින් සිටියදී, අධික ලෙස බීමත්ව සිටි ඔහු, ගුවන් යානයේ සේවය කරමින් සිටි දකුණු අප්‍රිකානු ජාතික ගුවන් සේවිකාවට ලිංගික අතවර කර ඇති බවට වාර්තා වේ.

අතවරයට ලක්වූ ගුවන් සේවිකාව වහාම මේ පිළිබඳව ගුවන් යානයේ නියමුවා දැනුවත් කර තිබේ. ගුවන් යානය කටුනායක ගුවන්තොටුපළ වෙත ගොඩ බැස්සවීමෙන් අනතුරුව, ගුවන්තොටුපළ ආරක්ෂක නිලධාරීන්ගේ ද සහාය ඇතිව පොලීසිය විසින් මෙම ගුවන් මගියා අත්අඩංගුවට ගනු ලැබීය.

පසුව, සැකකරු මීගමුව අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, ඔහු බීමත්ව සිටි බවට කරුණු තහවුරු වී ඇත. ඒ අනුව, මෙම ගුවන් මගියා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

මෙම අත්අඩංගුවට ගැනීම සහ වැඩිදුර විමර්ශන කටයුතු කටුනායක ගුවන්තොටුපළ පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එල්මෝ මැල්කම් පේට් මහතාගේ උපදෙස් සහ අධීක්ෂණය යටතේ සිදු කෙරේ.

වෙනත් පුවත්

උණුසුම් පුවත්