සිරස්තල
පාසල් සිසුන්ට විදේශීය දුම්වැටි විකුණූ ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට ඇල්ල බස් අනතුරේදී නිර්භීත මෙහෙයුමක නිරත වූ සෙබළාට යුද හමුදාවෙන් උසස්වීමක් මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත-මීරිගම කොටස යළි ඇරඹේ තරගයක් අවසානයේ ප්‍රතිවාදීන්ට අතට අත දීමට නීතියක් නැහැ (BCCI) නිලධාරියෙක් මාධ්‍යයට ප්‍රකාශ කරයි මගුල් ගමනක් වෙනුවට මරණය: කටුනායක බලා ගිය වෑන් රථයක් අනතුරට දරුණු ගින්නකින් පැල්පත් නිවාස දහසකට වැඩි ප්‍රමාණයක් විනාශ වෙයි ආක්‍රමණශීලී විසිතුරු මත්ස්‍ය විශේෂ 4ක් තහනම් කෙරේ ඊයේ දිනයේ ඉන්දු-පාක් තරගයෙන් පසු මතභේදාත්මක තත්ත්වයක් මාරවිල වෙරළට අත් පා නොමැති මළ සිරුරක් ගොඩ ගසයි විස්සයි විස්ස ඉන්දු-පාක් සටනට ඩුබායි හි දැඩි ආරක්ෂාවක්

70 වෙනි ජාතික බිලියට් ශූරතාවට 3 වන වරටත් ඔටෝ මොබයිල් ආයතනයේ අනුග්‍රාහකත්වය

බිලියට් සහ ස්නූක සංගමයේ 70 වන ජාතික බිලියට් ශූරතාවලිය මෙවරත් අප්‍රේල් මස 19 වැනිදා සිට මැයි මස 11 වැනිදා දක්වා පැවැත්වීමට කටයුතු යොදා තිබේ. මෙවරත්

මිතුරන් සමග බෙදාගන්න

බිලියට් සහ ස්නූක සංගමයේ 70 වන ජාතික බිලියට් ශූරතාවලිය මෙවරත් අප්‍රේල් මස 19 වැනිදා සිට මැයි මස 11 වැනිදා දක්වා පැවැත්වීමට කටයුතු යොදා තිබේ. මෙවරත් තෙවැනි වරට ප්‍රධාන අනුග්‍රාහකත්වය ලබාදෙනු ලබන්නේ ඔටෝ මොබයිල් ආයතනයයි.

තරගාවලිය දිස්ත්‍රික් මට්ටමින් පැවැත්වෙන අතර කොළඹ, ගාල්ල, මහනුවර, නුවරඑළිය, කෑගල්ල යන දිස්ත්‍රික්ක තුළ පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ. එහිදී දිස්ත්‍රික් මට්ටමින් තෝරාගන්නා ක්‍රීඩකයන් සමස්ත ලංකා ශූරතාව සඳහා තරගවදියි.

ඉන්පසු සමස්ත ලංකා ශූරතාවලියෙන් තෝරාගන්නා ක්‍රීඩකයන් පසුගිය වසරේ ජාතික ශ්‍රේණිගත කිරීම්වල 16දෙනා සමග තරග කර අවසන් තරගය තෙක් තරගයේ ඉදිරියට ගමන් කරනු ඇත.

අවසන් මහා තරගය මැයි මස 10 වැනිදා සහ 11 වැනිදා කොළඹ ඔටෝ මොබයිල් ආයතනයේ ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.

මෙහිදී අනුග්‍රාහකත්වය දැක්වූ ඔටෝ මොබයිල් ආයතනය එහි අදාළ චෙක්පත භාරදුන් අතර එම අවස්ථාවට ඩබ්ලිව්.යූ.කේ. ලැනරොල් මහතා ප්‍රධාන ලේකම් බිලියට් සහ ස්නූක සංගමය – පී.එච්. ලියනගේ, සභාපති – බිලියට් අංශය ඔටෝ මොබයිල්, දේවප්‍රිය හෙට්ටිආරච්චි – ලේකම් ඔටෝ මොබයිල් ආයතනය, ඇන්ටන් කන්දයියා – උපදේශක ඔටෝ මොබයිල්, නෙරංජන් අබේසේන

තරගාවලියේ ලේකම් ඇතුළු නිලධාරීහු මෙම අවස්ථාවට සහභාගි වූහ.

වෙනත් පුවත්

උණුසුම් පුවත්