සිරස්තල
තායිලන්තයේ සිට අනවසරයෙන් රැගෙන ආ ලක්ෂ 2ක විසිතුරු පැළ තොගයක් රේගු බාරයට සබරගමුව ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයකට අද (27) සවස වැසි ඉරාන බලාගාරවලට ප්‍රහාර එල්ල කිරීමේ සහන කාලය අප්‍රේල් 06 දක්වා දීර්ඝ කෙරේ ඉරාන නාවික හමුදාපති අලිරේසා තංසීරි ගුවන් ප්‍රහාරයකින් මියගිය බවට ඊශ්‍රායලය පවසයි කෝටි 10ක “කුෂ්” මත්ද්‍රව්‍ය සමඟ තරුණයන් දෙදෙනෙකු කටුනායකදී කොටුවේv වෙනිසියුලා හිටපු ජනපති නිකොලස් මදුරෝ අද (26) නිව්යෝර්ක් අධිකරණය හමුවට ඉරාන මිසයිල ප්‍රහාර හමුවේත් USS ඒබ්‍රහම් ලින්කන් මෙහෙයුම් අඛණ්ඩව හෝමුස් සමුද්‍ර සන්ධියෙන් ගමන් කරන නෞකාවලින් ගාස්තු අය කිරීමට ඉරානය සැරසෙයි මැදපෙරදිග තීරණාත්මක සන්ධිස්ථානයක රටේ අවශ්‍යතාවයට වඩා 10%ක් වැඩිපුර ඉන්ධන ඇණවුම් කර අවසන්

70 වෙනි ජාතික බිලියට් ශූරතාවට 3 වන වරටත් ඔටෝ මොබයිල් ආයතනයේ අනුග්‍රාහකත්වය

බිලියට් සහ ස්නූක සංගමයේ 70 වන ජාතික බිලියට් ශූරතාවලිය මෙවරත් අප්‍රේල් මස 19 වැනිදා සිට මැයි මස 11 වැනිදා දක්වා පැවැත්වීමට කටයුතු යොදා තිබේ. මෙවරත්

මිතුරන් සමග බෙදාගන්න

බිලියට් සහ ස්නූක සංගමයේ 70 වන ජාතික බිලියට් ශූරතාවලිය මෙවරත් අප්‍රේල් මස 19 වැනිදා සිට මැයි මස 11 වැනිදා දක්වා පැවැත්වීමට කටයුතු යොදා තිබේ. මෙවරත් තෙවැනි වරට ප්‍රධාන අනුග්‍රාහකත්වය ලබාදෙනු ලබන්නේ ඔටෝ මොබයිල් ආයතනයයි.

තරගාවලිය දිස්ත්‍රික් මට්ටමින් පැවැත්වෙන අතර කොළඹ, ගාල්ල, මහනුවර, නුවරඑළිය, කෑගල්ල යන දිස්ත්‍රික්ක තුළ පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ. එහිදී දිස්ත්‍රික් මට්ටමින් තෝරාගන්නා ක්‍රීඩකයන් සමස්ත ලංකා ශූරතාව සඳහා තරගවදියි.

ඉන්පසු සමස්ත ලංකා ශූරතාවලියෙන් තෝරාගන්නා ක්‍රීඩකයන් පසුගිය වසරේ ජාතික ශ්‍රේණිගත කිරීම්වල 16දෙනා සමග තරග කර අවසන් තරගය තෙක් තරගයේ ඉදිරියට ගමන් කරනු ඇත.

අවසන් මහා තරගය මැයි මස 10 වැනිදා සහ 11 වැනිදා කොළඹ ඔටෝ මොබයිල් ආයතනයේ ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.

මෙහිදී අනුග්‍රාහකත්වය දැක්වූ ඔටෝ මොබයිල් ආයතනය එහි අදාළ චෙක්පත භාරදුන් අතර එම අවස්ථාවට ඩබ්ලිව්.යූ.කේ. ලැනරොල් මහතා ප්‍රධාන ලේකම් බිලියට් සහ ස්නූක සංගමය – පී.එච්. ලියනගේ, සභාපති – බිලියට් අංශය ඔටෝ මොබයිල්, දේවප්‍රිය හෙට්ටිආරච්චි – ලේකම් ඔටෝ මොබයිල් ආයතනය, ඇන්ටන් කන්දයියා – උපදේශක ඔටෝ මොබයිල්, නෙරංජන් අබේසේන

තරගාවලියේ ලේකම් ඇතුළු නිලධාරීහු මෙම අවස්ථාවට සහභාගි වූහ.

වෙනත් පුවත්

උණුසුම් පුවත්