සිරස්තල
හෝමුස් සමුද්‍ර සන්ධියෙන් ඉරානයට ප්‍රහාර එල්ල කිරීමට කිසිවෙකුට ඉඩ දෙන්නේ නැහැ – ඉරාන විදේශ අමාත්‍යාංශය මෙවර අලුත් අවුරුද්දට පොදු නැකැත් සීට්ටුවක් 2026 ඔස්කාර් සම්මාන උළෙල: හොඳම නළුවා මයිකල් බී. ජෝර්ඩන් ඩ්‍රෝන ප්‍රහාරයක් හේතුවෙන් ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ මෙහෙයුම් තාවකාලිකව නවතී රුපියල් බිලියන 3ක හෙරොයින් සමඟ බහුදින යාත්‍රාවක් දික්ඕවිටට, බේරුවලදී තවත් වැටලීමක් රුපියල් බිලියන 10ක දැවැන්ත මත්ද්‍රව්‍ය සහ ගිනිඅවි තොගයක් නාවික හමුදා භාරයට අමෙරිකානු ඉන්ධන පිරවුම් යානයක් ඉරාකයේදී කඩාවැටෙයි, ප්‍රහාරයේ වගකීම සන්නද්ධ කණ්ඩායමක් භාර ගනී නව තානාපතිවරුන් 10කට පාර්ලිමේන්තු අනුමැතිය: ප්‍රධාන රටවල් රැසක රාජ්‍යතාන්ත්‍රික වගකීම් අලුත් වෙයි නිල් මහා සටනේ 147 වැනි අභියෝගය අද ඇරඹෙයි සාමය සඳහා ඉරානයෙන් කොන්දේසි 03ක්

ජෙට් යානය කඩාවැටීමට හේතුව මෙතෙක් අනාවරණ වී නෑ

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් පුහුණු ජෙට් යානයක් වාරියපොල ප්‍රදේශයට කඩාවැටීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘෘප් කපිතාන් එරන්ද ගීගනගේ

මිතුරන් සමග බෙදාගන්න

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් පුහුණු ජෙට් යානයක් වාරියපොල ප්‍රදේශයට කඩාවැටීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘෘප් කපිතාන් එරන්ද ගීගනගේ පවසයි.

ඒ අදාළ ගුවන් අනතුරට හේතුව අත්වැරදීමක් බවට ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක ඉකුත් ඉරිදා ප්‍රකාශයක් කළ පසුබිමකය.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් K-8 වර්ගයේ ප්‍රහාරක පුහුණු ජෙට් යානයක් වාරියපොළ ප්‍රදේශයට කඩා වැටුණේ පසුගිය මාර්තු 21 වනදාය.

අනතුරට හේතුවූ කරුණු සෙවීම සඳහා ගුවන් හමුදාපතිවරයාගේ උපදෙස් මත සත් පුද්ගල කමිටුවක් පත්කෙරුණි.

මෙවන් පසුබිමක පසුගිය ඉරිදා අධිවේගී මාර්ග නිරීක්ෂණ චාරිකාවකට එක්වූ ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා ප්‍රකාශ කළේ, පුහුණු වීම් අතරතුර සිදුවූ අත්වැරදීමක් පුහුණු ජෙට් යානය කඩාවැටීමට හේතුවී ඇති බව තහවුරු වූ බවය.

කෙසේවෙතත් ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘෘප් කපිතාන් එරන්ද ගීගනගේ මහතා අද (25) ප්‍රකාශ කළේ අනතුරට හේතුව සෙවීම සඳහා පත්කළ සත් පුද්ගල කමිටුවේ වාර්තාව මේ දක්වා නිකුත් කර නොමැති බවය.

ඒ අනුව ගුවන් අනතුරට හේතුව තවමත් ප්‍රකාශ කළ නොහැකි බවද ඔහු සඳහන් කළේ.

වෙනත් පුවත්

උණුසුම් පුවත්