සිරස්තල
අවුරුදු නිවාඩුව නිමා වී ආපසු එන ජනතාවට දුම්රියෙන් විශේෂ සහනයක්: අමතර ගමන්වාර රැසක් ගල්අඟුරු ජාවාරම් සෙවීමට ජනපතිගෙන් විශේෂ කොමිසමක් ඉන්දීය උප ජනාධිපති දෙදින නිල සංචාරයකට ලංකාවට එයි මැදපෙරදිග අර්බුදයෙන් පසු පළමු බොරතෙල් නෞකාව අද දිවයිනට රුපියල් කෝටි 400ක හෙරොයින් නාවික හමුදා දැලට ප්‍රමිතියෙන් තොර අංක තහඩු ඇති වාහන අත්අඩංගුවට: රුපියල් 25,000 දක්වා දඩයක් දේශපාලනය කුමක් වුවත් ඉරානය ලෝක කුසලානයට එන්නම ඕනේ අවුරුදු සමයේ වෙළෙඳ වැටලීම් තද වෙයි: අහිතකර ආහාර විකුණූ වෙළෙඳුන් 400කට නඩු හෝමුස් සමුද්‍ර සන්ධියේ අමෙරිකානු අවහිරය දැඩි වෙයි අවුරුදු උළෙල ලේ විලක් වෙයි: දින දෙකකදී මාරක රිය අනතුරු 36ක් සහ ගැටුම් 35ක්

ත්‍රිකුණාමලය සම්බුද්ධ ජයන්ති විහාරයේ ඉදිකිරීම් ඉවත් කිරීමේ නියෝගය, පෙත්සම අප්‍රේල් 28 වනදා යළි කැඳවයි

ත්‍රිකුණාමලය ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරයේ කොටසක් කඩා ඉවත් කරන ලෙස වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව ලබා දී ඇති නියෝගයට එරෙහිව ගොනුකළ රිට් පෙත්සම ලබන අප්‍රේල් මස

මිතුරන් සමග බෙදාගන්න

ත්‍රිකුණාමලය ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරයේ කොටසක් කඩා ඉවත් කරන ලෙස වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව ලබා දී ඇති නියෝගයට එරෙහිව ගොනුකළ රිට් පෙත්සම ලබන අප්‍රේල් මස 28 වනදා යළි කැඳවීමට අභියාචනාධිකරණය අද (20) නියම කළේය.

මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණේ විහාරාධිපති පූජ්‍ය ත්‍රිකුණාමලයේ කල්‍යාණ වංශ තිස්ස හිමියන් විසිනි.

ධම්මික ගනේපොල සහ ආදිත්‍ය පටබැඳිගේ යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම අද සලකා බලන ලදී.

අදාළ පාර්ශවයන් අතර මෙම ගැටලුව සමථයකට පත් කර ගැනීමට ඇති හැකියාව පිළිබඳව කරුණු සලකා බැලීම සඳහා විනිසුරු මඩුල්ල තීරණය කළේය. ඒ අනුව, වැඩිදුර කරුණු විමසීම සඳහා පෙත්සම අප්‍රේල් 28 වනදා දක්වා කල් තැබීමට නියෝග කෙරුණි.

වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විහාරස්ථානයේ යම් කොටසක් නීතිවිරෝධී ඉදිකිරීමක් ලෙස හඳුනාගෙන එය ඉවත් කරන ලෙස මීට පෙර නියෝග කර තිබුණි. එම නියෝගය ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලමින් විහාරාධිපති හිමියන් මෙම නෛතික ක්‍රියාමාර්ගයට අවතීර්ණ වී ඇත.

වෙනත් පුවත්

උණුසුම් පුවත්