සිරස්තල
“ඒහිපස්සිකෝ” සාමයේ පණිවිඩය ලොවට රැගෙන ගිය භික්ෂූන් වහන්සේලා දිවයිනෙන් පිටව යති හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුව අද යළි කැඳවයි දකුණු ලෙබනනයේ සූර්ය පැනල විනාශ කිරීම ගැන ඊශ්‍රායලයට යුද අපරාධ චෝදනා තුන්වන චාල්ස් රජු සහ කැමිලා රැජින අමෙරිකාවට සටන් විරාමය අතරතුර ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක් සහල් සහ ජලය වැඩි මිලට විකුණූ වෙළෙඳුන් කොටු වෙයි වාද්දූවේදී සාගරිකා දුම්රිය පීලි පනී ත්‍රස්තවාදයට මුදල් සැපයීම අඩාල කිරීමට දැඩි මූල්‍ය සම්බාධක: ආරක්ෂක අමාත්‍යාංශයෙන් විශේෂ වැඩපිළිවෙළක් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරුවේ වැසි “ඒහිපස්සිකෝ” සාමයේ පා ගමන අද දඹුල්ලෙන් ඇරඹෙයි

තායිලන්තයේ සිට අනවසරයෙන් රැගෙන ආ ලක්ෂ 2ක විසිතුරු පැළ තොගයක් රේගු බාරයට

තායිලන්තයේ සිට නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ රුපියල් ලක්ෂ දෙකකට අධික වටිනාකමකින් යුත් සජීවී විසිතුරු පැළ තොගයක් අද (27) අලුයම කටුනායක ගුවන්තොටුපොළේදී රේගු නිලධාරීන් විසින්

මිතුරන් සමග බෙදාගන්න

තායිලන්තයේ සිට නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ රුපියල් ලක්ෂ දෙකකට අධික වටිනාකමකින් යුත් සජීවී විසිතුරු පැළ තොගයක් අද (27) අලුයම කටුනායක ගුවන්තොටුපොළේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මහනුවර ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි පුද්ගලයෙකු මෙම පැළ තොගය සමඟ රේගු දැලට හසුවී ඇත.

අද අලුයම 12.30ට පමණ දිවයිනට ළඟා වූ මෙම සැකකරු, ගුවන්තොටුපොළේ “හරිත මාවත” (Green Channel) ඔස්සේ කිසිදු පරීක්ෂාවකින් තොරව පිටව යාමට උත්සාහ කර තිබේ. එහිදී නිලධාරීන් විසින් ඔහු සතු ගමන් මලු පරීක්ෂා කිරීමේදී, කඩදාසිවල ඉතා සූක්ෂ්ම ලෙස ඔතා සඟවා තිබූ විසිතුරු පැළ තොගය සොයා ගැනීමට හැකි වී ඇත.

මෙම පැළ තොගය මෙරටට රැගෙන ඒම සඳහා අවශ්‍ය වන වලංගු ආනයන බලපත්‍රයක් හෝ ශාක සෞඛ්‍ය ආරක්ෂණ බලපත්‍රයක් (Phytosanitary Certificate) සැකකරු සතුව නොතිබූ බව රේගු පරීක්ෂණවලදී අනාවරණය විය. මෙලෙස බලපත්‍ර රහිතව ශාක කොටස් මෙරටට රැගෙන ඒම මගින් දේශීය පරිසර පද්ධතියට හානිකර පළිබෝධකයන් හෝ රෝග පැතිරීමේ දැඩි අවදානමක් පවතී.

සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් රේගු පරීක්ෂණයක් පැවැත්වීමෙන් අනතුරුව, අදාළ විසිතුරු පැළ තොගය විනාශ කිරීම සඳහා කටුනායක ශාක නිරෝධායන ආයතනය වෙත භාර දීමට රේගු නිලධාරීන් පියවර ගත්තේය. විදේශ රටවල සිට මෙරටට ශාක හෝ සත්ත්ව කොටස් රැගෙන ඒමේදී අදාළ නීතිමය ක්‍රියා පටිපාටි අනුගමනය කළ යුතු බව රේගු බලධාරීන් නැවතත් සිහිපත් කර සිටී.

වෙනත් පුවත්

උණුසුම් පුවත්