සිරස්තල
ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ ඉෂාරා සෙව්වන්දිගේ මව මියයයි Air India ගුවන් අනතුරට හේතුව එන්ජින් ඉන්ධන සැපයුම කපා හැරීම බව මූලික වාර්තාවක් කියයි. එරික් මේයර් ශ්‍රී ලංකාවේ නව ඇමෙරිකානු තානාපති ධුරයට යෝජනා වෙයි මස්ක්ගේ දේශපාලනය ටෙස්ලාට ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සමාන මුදලක් අහිමි කරයි ෂී ජින්පිං කොහේද? චීනයේ තිරය පිටුපස ඇති බල අරගලය කුසල්-පැතුම් පිතිහරඹයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 7ක ජයක් YouTube වෙතින් ප්‍රතිපත්ති යාවත්කාලීන කිරීමක් පිල්ලෙයාන් පාස්කු ප්‍රහාරය ගැන පූර්ව දැනුවත්භාවයෙන් සිටි බවට අනාවරණයක් ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු ‘කෙහෙල්බද්දර පද්මේ’ අත්අඩංගුවට පාලමක් කඩා වැටීමෙන් පුද්ගලයන් 10ක් මරුට

තෙල් හිඟයක් නෑ – බලශක්ති අමාත්‍යාංශය ජනතාවට සහතික වෙයි

තෙල් හිඟයක් ගැන සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන අසත්‍ය ප්‍රවෘත්තිවලට නොරැවටෙන ලෙස බලශක්ති අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මැද පෙරදිග යුදමය තත්ත්වය හේතුවෙන් මෙරට ඛනිජ තෙල්

මිතුරන් සමග බෙදාගන්න

තෙල් හිඟයක් ගැන සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන අසත්‍ය ප්‍රවෘත්තිවලට නොරැවටෙන ලෙස බලශක්ති අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මැද පෙරදිග යුදමය තත්ත්වය හේතුවෙන් මෙරට ඛනිජ තෙල් හිඟයක් ඇතිවිය හැකි බවට විවිධ ව්‍යාජ සහ නොමඟ යවන සුළු පුවත් සමාජ මාධ්‍ය තුළ සංසරණය වන බවට අමාත්‍යාංශය නිරීක්ෂණය කර තිබෙනවා. මෙය ජනතාව අතර අනවශ්‍ය බියක් ඇති කිරීමට හේතු වී ඇත.

නමුත්, ඉදිරි මාස දෙකකට අවශ්‍ය තෙල් තොග මේ වන විටත් ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතුව පවතින බව බලශක්ති අමාත්‍යාංශය අවධාරණය කරනවා. එපමණක් නොව, ඉදිරියට ඇණවුම් කරන ලද තෙල් තොග කිසිදු ගැටලුවකින් තොරව ලබා ගැනීමට අවශ්‍ය සියලු කටයුතු සැලසුම් කර ඇති බවද ඔවුන් වැඩිදුරටත් සඳහන් කළා.

එබැවින්, ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ සත්‍ය තොරතුරු සඳහා නිල මූලාශ්‍ර වෙත යොමු වන ලෙසයි.

අදාළ නිවේදනය පහතින්.

වෙනත් පුවත්

උණුසුම් පුවත්