සිරස්තල
“ඒහිපස්සිකෝ” සාමයේ පණිවිඩය ලොවට රැගෙන ගිය භික්ෂූන් වහන්සේලා දිවයිනෙන් පිටව යති හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුව අද යළි කැඳවයි දකුණු ලෙබනනයේ සූර්ය පැනල විනාශ කිරීම ගැන ඊශ්‍රායලයට යුද අපරාධ චෝදනා තුන්වන චාල්ස් රජු සහ කැමිලා රැජින අමෙරිකාවට සටන් විරාමය අතරතුර ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක් සහල් සහ ජලය වැඩි මිලට විකුණූ වෙළෙඳුන් කොටු වෙයි වාද්දූවේදී සාගරිකා දුම්රිය පීලි පනී ත්‍රස්තවාදයට මුදල් සැපයීම අඩාල කිරීමට දැඩි මූල්‍ය සම්බාධක: ආරක්ෂක අමාත්‍යාංශයෙන් විශේෂ වැඩපිළිවෙළක් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරුවේ වැසි “ඒහිපස්සිකෝ” සාමයේ පා ගමන අද දඹුල්ලෙන් ඇරඹෙයි

දක්ෂිණ අධිවේගයේ වැලිපැන්න අසල දරුණු අනතුරක්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න සේවා ප්‍රදේශය ආසන්නයේදී අද (06) පෙරවරුවේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා තිබේ. ඉදිරියෙන් ධාවනය වෙමින් තිබූ කන්ටේනර් රථයක පිටුපසින්

මිතුරන් සමග බෙදාගන්න

දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න සේවා ප්‍රදේශය ආසන්නයේදී අද (06) පෙරවරුවේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා තිබේ. ඉදිරියෙන් ධාවනය වෙමින් තිබූ කන්ටේනර් රථයක පිටුපසින් පැමිණි ට්‍රක් රථයක් වේගයෙන් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

දොඩංගොඩ සහ වැලිපැන්න අතර ප්‍රදේශයේදී මෙම ගැටීම සිදුව ඇති අතර, අනතුරින් තුවාල ලැබූ පිරිස වහාම ප්‍රතිකාර සඳහා කළුතර ශික්ෂණ රෝහලට (නාගොඩ රෝහල) ඇතුළත් කළ බව පොලීසිය තහවුරු කළේය.

මෙම අනතුරත් සමඟ කොළඹ සිට මාතර දෙසට ධාවනය වන මංතීරුවේ දැඩි රථවාහන තදබදයක් නිර්මාණය වී තිබේ. අනතුරට පත් වාහන මාර්ගයෙන් ඉවත් කරන තෙක් එම මංතීරුවේ ගමනාගමනය අඩාල වී ඇති බව වාර්තා වේ.

අධිවේගී මාර්ගයේ මාතර දෙසට ගමන් ගන්නා රියදුරන්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙස හෝ ප්‍රවේශමෙන් ධාවනය කරන ලෙස බලධාරීන් උපදෙස් දෙයි. විශේෂයෙන්ම වාහන අතර ආරක්ෂිත පරතරය තබා නොගැනීම මෙම අනතුරට හේතුවී ඇත්දැයි අධිවේගී රථවාහන පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

වෙනත් පුවත්

උණුසුම් පුවත්