සිරස්තල
මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත-මීරිගම කොටස යළි ඇරඹේ තරගයක් අවසානයේ ප්‍රතිවාදීන්ට අතට අත දීමට නීතියක් නැහැ (BCCI) නිලධාරියෙක් මාධ්‍යයට ප්‍රකාශ කරයි මගුල් ගමනක් වෙනුවට මරණය: කටුනායක බලා ගිය වෑන් රථයක් අනතුරට දරුණු ගින්නකින් පැල්පත් නිවාස දහසකට වැඩි ප්‍රමාණයක් විනාශ වෙයි ආක්‍රමණශීලී විසිතුරු මත්ස්‍ය විශේෂ 4ක් තහනම් කෙරේ ඊයේ දිනයේ ඉන්දු-පාක් තරගයෙන් පසු මතභේදාත්මක තත්ත්වයක් මාරවිල වෙරළට අත් පා නොමැති මළ සිරුරක් ගොඩ ගසයි විස්සයි විස්ස ඉන්දු-පාක් සටනට ඩුබායි හි දැඩි ආරක්ෂාවක් දුර ගමන් බස් රථවලට අනිවාර්ය තත්ත්ව පරීක්ෂණයක් රුසියානු ඉන්ධන මිලදී ගැනීම නවත්වන ලෙස ට්‍රම්ප් නේටෝවෙන් ඉල්ලයි

දකුණු කොරියාවේ ලැව්ගිනි හේතුවෙන් පුද්ගලයින් 4ක් ජීවිතක්ෂයට

දකුණු කොරියාවේ තෙදිනක් පුරාවට ව්‍යාප්තව යමින් පවතින ලැව්ගිනි හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි කොරියානු මාධ්‍ය වාර්තා කරයි. එමෙන්ම සිදුවීමෙන් පුද්ගලයින් 6

මිතුරන් සමග බෙදාගන්න

දකුණු කොරියාවේ තෙදිනක් පුරාවට ව්‍යාප්තව යමින් පවතින ලැව්ගිනි හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි කොරියානු මාධ්‍ය වාර්තා කරයි.

එමෙන්ම සිදුවීමෙන් පුද්ගලයින් 6 දෙනෙකු තුවාල ලබා ඇතැයිද ඉන් පස් දෙනෙකු බරපතළ තුවාල ලබා ඇතැයිද එම මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.

තවද එම ප්‍රදේශවලින් පුද්ගලයින් 1500කට ආසන්න ප්‍රමාණයක් ඉවත් කර ඇතැයිද එරට ආපාදා බලධාරීන් පවසයි.

සෝල් නුවර සිට කිලෝමීටර් 250ක් පමණ ගිනිකොණ දෙසින් පිහිටි සැන්චියොන්ග් ප්‍රාන්තයෙන් පසුගිය සිකුරාදා මෙම ගින්න ආරම්භ වූ අතර පසුව එය අනෙකුත් ප්‍රදේශ කරාද පැතිර ගොස් තිබුණි.

මේ අතර පවතින ආපදා තත්ත්වය මැඩ පැවැත්වීම සඳහා සියලු සම්පත් යොදා ගන්නා ලෙස ආපදා බලධාරීන් ගිනි නිවීමේ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

කොරියානු මාධ්‍ය වාර්තාවලට අනුව මේ වන විට හෙක්ටයාර 3,286.11ක භූමි ප්‍රමාණයක් ආසන්න වශයෙන් ගිනිගෙන විනාශ වී ඇති බවත් උතුරු ග්ගොංසැං පළාතේ යුයිසොං සහ සැන්චියොං හී පිළිවෙලින් හෙක්ටයාර දාහකට ආසන්න සංඛ්‍යාවක් විනාශ වී ඇත.

තවද අද (23) දිනය වන විට එරට ගිනිකොනදිග කලාපය පුරා ප්‍රදේශ හතරක ලැව්ගිනි නිවා දැමීමට ගිනි නිවීමේ භටයින් කටයුතු කරමින් සිටින බවත් කොරියානු මාධ්‍ය වාර්තා කර තිබේ.

වෙනත් පුවත්

උණුසුම් පුවත්