සිරස්තල
හෝමුස් සමුද්‍ර සන්ධියෙන් ඉරානයට ප්‍රහාර එල්ල කිරීමට කිසිවෙකුට ඉඩ දෙන්නේ නැහැ – ඉරාන විදේශ අමාත්‍යාංශය මෙවර අලුත් අවුරුද්දට පොදු නැකැත් සීට්ටුවක් 2026 ඔස්කාර් සම්මාන උළෙල: හොඳම නළුවා මයිකල් බී. ජෝර්ඩන් ඩ්‍රෝන ප්‍රහාරයක් හේතුවෙන් ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ මෙහෙයුම් තාවකාලිකව නවතී රුපියල් බිලියන 3ක හෙරොයින් සමඟ බහුදින යාත්‍රාවක් දික්ඕවිටට, බේරුවලදී තවත් වැටලීමක් රුපියල් බිලියන 10ක දැවැන්ත මත්ද්‍රව්‍ය සහ ගිනිඅවි තොගයක් නාවික හමුදා භාරයට අමෙරිකානු ඉන්ධන පිරවුම් යානයක් ඉරාකයේදී කඩාවැටෙයි, ප්‍රහාරයේ වගකීම සන්නද්ධ කණ්ඩායමක් භාර ගනී නව තානාපතිවරුන් 10කට පාර්ලිමේන්තු අනුමැතිය: ප්‍රධාන රටවල් රැසක රාජ්‍යතාන්ත්‍රික වගකීම් අලුත් වෙයි නිල් මහා සටනේ 147 වැනි අභියෝගය අද ඇරඹෙයි සාමය සඳහා ඉරානයෙන් කොන්දේසි 03ක්

දැරියක් දූෂණය කළ පාසල් සිසුන් ඇතුළු 7ක් අත්අඩංගුවට

15 හැවිරිදි පාසල් දැරියක සමූහ දූෂණයට ලක්කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් එම දැරියගේ පෙම්වතා බව කියන පාසල් සිසුවා, තවත් පාසල් සිසුන් 5 දෙනෙකු ඇතුළු හත් දෙනෙකු හෝමාගම

මිතුරන් සමග බෙදාගන්න

15 හැවිරිදි පාසල් දැරියක සමූහ දූෂණයට ලක්කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් එම දැරියගේ පෙම්වතා බව කියන පාසල් සිසුවා, තවත් පාසල් සිසුන් 5 දෙනෙකු ඇතුළු හත් දෙනෙකු හෝමාගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

දූෂණයට ලක් වූ එම දැරියගේ දෙමාව්පියන් විසින් දැරිය සමග පොලීසියට පැමිණ සිදුකළ පැමිණිල්ලක් අනුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලීසියට හැකිව තිබේ.

සමූහ දූෂණයට ලක් වූ බව කියන පාසල් දැරිය හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර වෛද්‍ය පරීක්‍ෂණයකට ලක් කිරීමට කටයුතු කළ බව පොලීසිය පැවසීය.

දූෂණයට ලක් වූ පාසල් සිසුවිය උපකාරක පන්තියකට සහභාගි වන බව පවසා තම පෙම්වතා බව කියන පාසල් සිසුවා හමුවීම සඳහා ගොස් තිබේ.

එම අවස්ථාවේදී සැකකාර පෙම්වතා බව කියන සිසුවා විසින් දැරිය රැගෙන ඔහුගේ මිතුරෙකු සිටින හෝමගම ප්‍රදේශයේ නිවසකට ගොස් එම නිවසේදී දැරිය දූෂණයට ලක්කර ඇත.

ඒ අනුව උදෑසන 9ත් සවස 3ත් අතර පැය හයක කාලයක් ඇතුළත තවත් නිවාස තුනකට රැගෙන ගොස් වින්දිත දැරිය සැකකාර පාසල් පෙම්වතා ඇතුළු ඔහුගේ මිතුරන් විසින් වරින්වර බරපතළ ලිංගික අපයෝජනය ලක් කර ඇති බව විමර්ශනයේදී අනාවරණය වූ බව පොලීසිය පැවසීය.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ හෝමාගම ප්‍රදේශයේම පාසල්වල ඉගෙනුම ලබන එම ප්‍රදේශයේම පදිංචිකරුවන්ය.

ඔවුන්ගෙන් පාසල් සිසුන් පස්දෙනා අවුරුදු 15ත් 16ත් අතර වයස්වල සිටින අතර, අනෙක් දෙදෙනා අවුරුදු 17ත් 19ත් අතර බව පොලීසිය පවසයි.

සැකකරුවන් විසින් පාසල් දැරිය ප්‍රවාහනයට යොදාගත් යතුරුපැදියක් ද අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හත්දෙනා හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද ඉදිරිපත් කිරීමට නියමිතය.

වෙනත් පුවත්

උණුසුම් පුවත්