සිරස්තල
තෙල් හිඟයක් නෑ – බලශක්ති අමාත්‍යාංශය ජනතාවට සහතික වෙයි ඊශ්‍රායල ප්‍රහාරයකින් ඉරාන ඉහළම හමුදා අණදෙන නිලධාරී අලි ෂඩ්මානි ඝාතනය කෙරේ ප්‍රංශය සමඟ ණය ප්‍රතිව්‍යුහගතකරණ ගිවිසුම අත්සන් තබයි මෙරට ඉතිහාසයේ දැවැන්තම ලොතරැයි දිනුම ජයග්‍රහණය කරයි මැතිව්ස් සහභාගි වන අවසන් ටෙස්ට් තරගය අද ආරම්භ වෙයි ඉන්දියාව වසර 11කින් මිලියන 269ක් අන්ත දුගීභාවයෙන් මුදවා ගනී ඉරාන බුද්ධි ප්‍රධානියා ඊශ්‍රායල ප්‍රහාරයෙන් මරුට දිස්ත්‍රික්ක 7කට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කරයි බංග්ලාදේශ ටෙස්ට් තරගාවලියට අලුත් මුහුණු 6ක් සමග ශ්‍රී ලංකා සංචිතය නම් කරයි උතුරු ඉන්දියාවේ හෙළිකොප්ටර් අනතුරක්: පුද්ගලයන් 7 දෙනෙකු මරුට

දිස්ත්‍රික්ක 5කට නායයෑම් අනතුරු ඇඟවීම්

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) විසින් දිස්ත්‍රික්ක 5ක් සඳහා නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබෙනවා. මේ අනුව, පහත සඳහන් ප්‍රදේශවල ජනතාවට දැඩි

මිතුරන් සමග බෙදාගන්න

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) විසින් දිස්ත්‍රික්ක 5ක් සඳහා නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබෙනවා.

මේ අනුව, පහත සඳහන් ප්‍රදේශවල ජනතාවට දැඩි අවධානයෙන් සිටින ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ඉල්ලා සිටිනවා.

  • ගාල්ල දිස්ත්‍රික්කය: බද්දේගම
  • මහනුවර දිස්ත්‍රික්කය: ගඟ ඉහළ කෝරළය
  • කෑගල්ල දිස්ත්‍රික්කය: අරණායක
  • නුවරඑළිය දිස්ත්‍රික්කය: අඹගමුව සහ නෝර්වුඩ්
  • රත්නපුර දිස්ත්‍රික්කය: කිරිඇල්ල

මෙම ප්‍රදේශවල පදිංචි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, නායයෑම් සිදුවිය හැකි අවදානම් තත්ත්වයන් පිළිබඳව දැඩි විමසිල්ලෙන් සිටින ලෙසයි. පස් කඳු මත ඉරිතැලීම්, ජල උල්පත් මතුවීම, ගස් ඇලවීම වැනි පෙර නිමිති ඇත්නම් වහාම අදාළ බලධාරීන් දැනුවත් කරන්න.

මෙම අනතුරු ඇඟවීම අද (මැයි 31) දින පස්වරු 9.00 දක්වා වලංගු වන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය වැඩිදුරටත් සඳහන් කළා.

වෙනත් පුවත්

උණුසුම් පුවත්