සිරස්තල
අවුරුදු නිවාඩුව නිමා වී ආපසු එන ජනතාවට දුම්රියෙන් විශේෂ සහනයක්: අමතර ගමන්වාර රැසක් ගල්අඟුරු ජාවාරම් සෙවීමට ජනපතිගෙන් විශේෂ කොමිසමක් ඉන්දීය උප ජනාධිපති දෙදින නිල සංචාරයකට ලංකාවට එයි මැදපෙරදිග අර්බුදයෙන් පසු පළමු බොරතෙල් නෞකාව අද දිවයිනට රුපියල් කෝටි 400ක හෙරොයින් නාවික හමුදා දැලට ප්‍රමිතියෙන් තොර අංක තහඩු ඇති වාහන අත්අඩංගුවට: රුපියල් 25,000 දක්වා දඩයක් දේශපාලනය කුමක් වුවත් ඉරානය ලෝක කුසලානයට එන්නම ඕනේ අවුරුදු සමයේ වෙළෙඳ වැටලීම් තද වෙයි: අහිතකර ආහාර විකුණූ වෙළෙඳුන් 400කට නඩු හෝමුස් සමුද්‍ර සන්ධියේ අමෙරිකානු අවහිරය දැඩි වෙයි අවුරුදු උළෙල ලේ විලක් වෙයි: දින දෙකකදී මාරක රිය අනතුරු 36ක් සහ ගැටුම් 35ක්

දේශබන්දු ඇප මත මුදා හැරේ

දේශබන්දු තෙන්නකෝන් මහතා ඇප මුදා හැරීම‌ට අධිකරණය නියෝග කර තිබේ. ඒ, ඔහු අද පස්වරුවේ මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ය. ඒ අනුව දේශබන්දු තෙන්නකෝන්

මිතුරන් සමග බෙදාගන්න

දේශබන්දු තෙන්නකෝන් මහතා ඇප මුදා හැරීම‌ට අධිකරණය නියෝග කර තිබේ.

ඒ, ඔහු අද පස්වරුවේ මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ය.

ඒ අනුව දේශබන්දු තෙන්නකෝන් මහතා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ⁣ඇප 2ක් මත මුදාහරින ලෙස මාතර මහේස්ත්‍රාත් අරුණ බුද්ධදාස මහතා නියෝග කළේය.

දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු 8දෙනෙකු අත්අඩංගුවට ගැනීමට මාතර මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කළේ පසුගිය පෙරබවාරි 28 වැනිදාය.

ඒ, 2023 වසරේ දෙසැම්බර් 31 වැනිදා මාතර වැලිගම හෝටලයක් අසල වෙඩි තැබීමේ සිද්ධියේදී කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරියෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙනි.

දින 20ක් සැගව සිටි දේශබන්දු තෙන්නකෝන් මහතා මාර්තු 19 වැනිදා මෝසමක් ගොනු කරමින් අධිකරණයට භාර වුණි.

මාතර මහේස්ත්‍රාත් අරුණ බුද්ධදාස මහතා පසුගිය 3 වැනිදා නියෝග කළේ, දේශබන්දු තෙන්නකෝන් මහතා අද (10) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ය.

වෙනත් පුවත්

උණුසුම් පුවත්