දේශබන්දු තෙන්නකෝන් මහතා ඇප මුදා හැරීමට අධිකරණය නියෝග කර තිබේ.
ඒ, ඔහු අද පස්වරුවේ මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ය.
ඒ අනුව දේශබන්දු තෙන්නකෝන් මහතා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදාහරින ලෙස මාතර මහේස්ත්‍රාත් අරුණ බුද්ධදාස මහතා නියෝග කළේය.
දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු 8දෙනෙකු අත්අඩංගුවට ගැනීමට මාතර මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කළේ පසුගිය පෙරබවාරි 28 වැනිදාය.
ඒ, 2023 වසරේ දෙසැම්බර් 31 වැනිදා මාතර වැලිගම හෝටලයක් අසල වෙඩි තැබීමේ සිද්ධියේදී කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරියෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙනි.
දින 20ක් සැගව සිටි දේශබන්දු තෙන්නකෝන් මහතා මාර්තු 19 වැනිදා මෝසමක් ගොනු කරමින් අධිකරණයට භාර වුණි.
මාතර මහේස්ත්‍රාත් අරුණ බුද්ධදාස මහතා පසුගිය 3 වැනිදා නියෝග කළේ, දේශබන්දු තෙන්නකෝන් මහතා අද (10) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ය.