සිරස්තල
හෝමුස් සමුද්‍ර සන්ධියෙන් ඉරානයට ප්‍රහාර එල්ල කිරීමට කිසිවෙකුට ඉඩ දෙන්නේ නැහැ – ඉරාන විදේශ අමාත්‍යාංශය මෙවර අලුත් අවුරුද්දට පොදු නැකැත් සීට්ටුවක් 2026 ඔස්කාර් සම්මාන උළෙල: හොඳම නළුවා මයිකල් බී. ජෝර්ඩන් ඩ්‍රෝන ප්‍රහාරයක් හේතුවෙන් ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ මෙහෙයුම් තාවකාලිකව නවතී රුපියල් බිලියන 3ක හෙරොයින් සමඟ බහුදින යාත්‍රාවක් දික්ඕවිටට, බේරුවලදී තවත් වැටලීමක් රුපියල් බිලියන 10ක දැවැන්ත මත්ද්‍රව්‍ය සහ ගිනිඅවි තොගයක් නාවික හමුදා භාරයට අමෙරිකානු ඉන්ධන පිරවුම් යානයක් ඉරාකයේදී කඩාවැටෙයි, ප්‍රහාරයේ වගකීම සන්නද්ධ කණ්ඩායමක් භාර ගනී නව තානාපතිවරුන් 10කට පාර්ලිමේන්තු අනුමැතිය: ප්‍රධාන රටවල් රැසක රාජ්‍යතාන්ත්‍රික වගකීම් අලුත් වෙයි නිල් මහා සටනේ 147 වැනි අභියෝගය අද ඇරඹෙයි සාමය සඳහා ඉරානයෙන් කොන්දේසි 03ක්

නව කොවිඩ් ප්‍රභේදයෙන් පුද්ගලයන් දෙදෙනෙකු මරුට

ශ්‍රී ලංකාව පුරා පැතිර යන නව කොවිඩ් ප්‍රභේදය ආසාදනය වීමෙන් මේ වන විට පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් ඇති බව වයඹ වෛද්‍ය පීඨයේ වෛද්‍ය විද්‍යාව පිළිබඳ ප්‍රධාන

මිතුරන් සමග බෙදාගන්න

ශ්‍රී ලංකාව පුරා පැතිර යන නව කොවිඩ් ප්‍රභේදය ආසාදනය වීමෙන් මේ වන විට පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් ඇති බව වයඹ වෛද්‍ය පීඨයේ වෛද්‍ය විද්‍යාව පිළිබඳ ප්‍රධාන මහාචාර්ය දුෂාන්ත මැදගෙදර මහතා අනාවරණය කරනවා.

මහාචාර්ය මැදගෙදරට අනුව, මෙරට ශ්වසන රෝගීන්ගෙන් 9% – 13% අතර සංඛ්‍යාවකට මෙම නව කොවිඩ් ප්‍රභේදය ආසාදනය වී තිබෙනවා. කෙසේ වෙතත්, මෙම කොවිඩ් ආසාදනය බොහෝ දුරට හානිකර තත්ත්වයන් අවම, ඉතා අඩු බැරෑරුම් තත්ත්වයක පවතින බව ඔහු සඳහන් කළා.

නමුත්, වයස අවුරුදු 65ට වැඩි, ප්‍රතිශක්තිය අඩු රෝගීන්ට මෙම වෛරසය බැරෑරුම් තත්ත්වයකට පත්විය හැකි බව මහාචාර්යවරයා අවධාරණය කළා. එවැනි පුද්ගලයින් මේ පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් විය යුතු බව ද ඔහු ප්‍රකාශ කළා.

වයඹ වෛද්‍ය පීඨයේ වෛද්‍ය විද්‍යාව පිළිබඳ ප්‍රධාන මහාචාර්ය දුෂාන්ත මැදගෙදර වැඩිදුරටත් සඳහන් කළේ, අනවශ්‍ය ලෙස කලබලවීමට අවශ්‍ය නොමැති වුවත්, විශේෂිත කණ්ඩායම් මෙම තත්ත්වය පිළිබඳව සැලකිලිමත් විය යුතු බවයි. සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින්, පිරිසිදුව සිටීම සහ රෝග ලක්ෂණ ඇත්නම් වෛද්‍ය උපදෙස් පැතීම වැදගත් බව ද ඔහු පෙන්වා දුන්නා.

වෙනත් පුවත්

උණුසුම් පුවත්