සිරස්තල
ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ ඉෂාරා සෙව්වන්දිගේ මව මියයයි Air India ගුවන් අනතුරට හේතුව එන්ජින් ඉන්ධන සැපයුම කපා හැරීම බව මූලික වාර්තාවක් කියයි. එරික් මේයර් ශ්‍රී ලංකාවේ නව ඇමෙරිකානු තානාපති ධුරයට යෝජනා වෙයි මස්ක්ගේ දේශපාලනය ටෙස්ලාට ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සමාන මුදලක් අහිමි කරයි ෂී ජින්පිං කොහේද? චීනයේ තිරය පිටුපස ඇති බල අරගලය කුසල්-පැතුම් පිතිහරඹයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 7ක ජයක් YouTube වෙතින් ප්‍රතිපත්ති යාවත්කාලීන කිරීමක් පිල්ලෙයාන් පාස්කු ප්‍රහාරය ගැන පූර්ව දැනුවත්භාවයෙන් සිටි බවට අනාවරණයක් ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු ‘කෙහෙල්බද්දර පද්මේ’ අත්අඩංගුවට පාලමක් කඩා වැටීමෙන් පුද්ගලයන් 10ක් මරුට

නව කොවිඩ් ප්‍රභේදයෙන් පුද්ගලයන් දෙදෙනෙකු මරුට

ශ්‍රී ලංකාව පුරා පැතිර යන නව කොවිඩ් ප්‍රභේදය ආසාදනය වීමෙන් මේ වන විට පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් ඇති බව වයඹ වෛද්‍ය පීඨයේ වෛද්‍ය විද්‍යාව පිළිබඳ ප්‍රධාන

මිතුරන් සමග බෙදාගන්න

ශ්‍රී ලංකාව පුරා පැතිර යන නව කොවිඩ් ප්‍රභේදය ආසාදනය වීමෙන් මේ වන විට පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් ඇති බව වයඹ වෛද්‍ය පීඨයේ වෛද්‍ය විද්‍යාව පිළිබඳ ප්‍රධාන මහාචාර්ය දුෂාන්ත මැදගෙදර මහතා අනාවරණය කරනවා.

මහාචාර්ය මැදගෙදරට අනුව, මෙරට ශ්වසන රෝගීන්ගෙන් 9% – 13% අතර සංඛ්‍යාවකට මෙම නව කොවිඩ් ප්‍රභේදය ආසාදනය වී තිබෙනවා. කෙසේ වෙතත්, මෙම කොවිඩ් ආසාදනය බොහෝ දුරට හානිකර තත්ත්වයන් අවම, ඉතා අඩු බැරෑරුම් තත්ත්වයක පවතින බව ඔහු සඳහන් කළා.

නමුත්, වයස අවුරුදු 65ට වැඩි, ප්‍රතිශක්තිය අඩු රෝගීන්ට මෙම වෛරසය බැරෑරුම් තත්ත්වයකට පත්විය හැකි බව මහාචාර්යවරයා අවධාරණය කළා. එවැනි පුද්ගලයින් මේ පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් විය යුතු බව ද ඔහු ප්‍රකාශ කළා.

වයඹ වෛද්‍ය පීඨයේ වෛද්‍ය විද්‍යාව පිළිබඳ ප්‍රධාන මහාචාර්ය දුෂාන්ත මැදගෙදර වැඩිදුරටත් සඳහන් කළේ, අනවශ්‍ය ලෙස කලබලවීමට අවශ්‍ය නොමැති වුවත්, විශේෂිත කණ්ඩායම් මෙම තත්ත්වය පිළිබඳව සැලකිලිමත් විය යුතු බවයි. සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින්, පිරිසිදුව සිටීම සහ රෝග ලක්ෂණ ඇත්නම් වෛද්‍ය උපදෙස් පැතීම වැදගත් බව ද ඔහු පෙන්වා දුන්නා.

වෙනත් පුවත්

උණුසුම් පුවත්