සිරස්තල
මුලතිව් මුහුදේදී ධීවරයින් දෙදෙනෙකු අතුරුදන්: සෝදිසි මෙහෙයුම් අඛණ්ඩව මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු වෙනුවෙන් පවත්වන රාජ්‍ය උත්සවය අද “ඒහිපස්සිකෝ” සාමයේ පණිවිඩය ලොවට රැගෙන ගිය භික්ෂූන් වහන්සේලා දිවයිනෙන් පිටව යති හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුව අද යළි කැඳවයි දකුණු ලෙබනනයේ සූර්ය පැනල විනාශ කිරීම ගැන ඊශ්‍රායලයට යුද අපරාධ චෝදනා තුන්වන චාල්ස් රජු සහ කැමිලා රැජින අමෙරිකාවට සටන් විරාමය අතරතුර ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක් සහල් සහ ජලය වැඩි මිලට විකුණූ වෙළෙඳුන් කොටු වෙයි වාද්දූවේදී සාගරිකා දුම්රිය පීලි පනී ත්‍රස්තවාදයට මුදල් සැපයීම අඩාල කිරීමට දැඩි මූල්‍ය සම්බාධක: ආරක්ෂක අමාත්‍යාංශයෙන් විශේෂ වැඩපිළිවෙළක්

නීතිවිරෝධී වාහන ජාවාරමක් කොටුවේ

ව්‍යාජ ලේඛන සකස් කරමින් පවත්වාගෙන ගිය මහා පරිමාණ රථවාහන ජාවාරමකට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. නීත්‍යානුකූල ලියාපදිංචි බලපත්‍ර

මිතුරන් සමග බෙදාගන්න

ව්‍යාජ ලේඛන සකස් කරමින් පවත්වාගෙන ගිය මහා පරිමාණ රථවාහන ජාවාරමකට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. නීත්‍යානුකූල ලියාපදිංචි බලපත්‍ර නොමැතිව වාහන සන්තකයේ තබාගෙන සිටියදී මොවුන් කොටු කර ගැනීමට පොලිසිය සමත් විය.

මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ ව්‍යාජ ලිපි ලේඛන භාවිත කරමින් රථවාහන අලෙවි කරන පුද්ගලයෙකු පිළිබඳව එම කොට්ඨාසය සිදුකළ දීර්ඝ විමර්ශනයක ප්‍රතිඵලයක් වශයෙනි.

මීගහවත්ත සහ කඳාන පොලිස් වසම් ආවරණය වන පරිදි සිදුකළ වැටලීම්වලදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඒ සමඟම විවිධ වර්ගයේ වාහන 07ක් පොලිස් භාරයට ගෙන ඇත. ඒ අතරට:

මෝටර් රථ 03ක්

ජීප් රථ 02ක්

ලොරි රථයක්

යතුරුපැදියක් ඇතුළත් වේ.

අත්අඩංගුවට පත් පුද්ගලයින් අවුරුදු 21, 39 සහ 44 යන වයස්වල පසුවන කඳාන සහ මීගහවත්ත ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය තහවුරු කර තිබේ.

බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය මේ වන විට සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වන අතර, මෙම ජාවාරමට සම්බන්ධ වෙනත් පුද්ගලයින් හෝ ව්‍යාජ ලේඛන සකස් කරන මධ්‍යස්ථාන පිළිබඳව ද තොරතුරු අනාවරණය කර ගැනීමට අපේක්ෂා කරයි.

වෙනත් පුවත්

උණුසුම් පුවත්