සිරස්තල
මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත-මීරිගම කොටස යළි ඇරඹේ තරගයක් අවසානයේ ප්‍රතිවාදීන්ට අතට අත දීමට නීතියක් නැහැ (BCCI) නිලධාරියෙක් මාධ්‍යයට ප්‍රකාශ කරයි මගුල් ගමනක් වෙනුවට මරණය: කටුනායක බලා ගිය වෑන් රථයක් අනතුරට දරුණු ගින්නකින් පැල්පත් නිවාස දහසකට වැඩි ප්‍රමාණයක් විනාශ වෙයි ආක්‍රමණශීලී විසිතුරු මත්ස්‍ය විශේෂ 4ක් තහනම් කෙරේ ඊයේ දිනයේ ඉන්දු-පාක් තරගයෙන් පසු මතභේදාත්මක තත්ත්වයක් මාරවිල වෙරළට අත් පා නොමැති මළ සිරුරක් ගොඩ ගසයි විස්සයි විස්ස ඉන්දු-පාක් සටනට ඩුබායි හි දැඩි ආරක්ෂාවක් දුර ගමන් බස් රථවලට අනිවාර්ය තත්ත්ව පරීක්ෂණයක් රුසියානු ඉන්ධන මිලදී ගැනීම නවත්වන ලෙස ට්‍රම්ප් නේටෝවෙන් ඉල්ලයි

නුවරඑළිය සංචාරකයන්ගෙන් පිරෙයි

සිංහල හා හින්දු අලුත් අවුරුදු නිවාඩුව හේතුවෙන් නුවරඑළිය නගරයට සංචාරකයින්ගේ පැමිණීම ඉහළ ගොස් තිබෙනවා. මෙහි පැමිණි දේශීය හා විදේශීය සංචාරකයින්ගේ වැඩිවීමක් දක්නට ලැබෙනවා. මේ හේතුවෙන්

මිතුරන් සමග බෙදාගන්න

සිංහල හා හින්දු අලුත් අවුරුදු නිවාඩුව හේතුවෙන් නුවරඑළිය නගරයට සංචාරකයින්ගේ පැමිණීම ඉහළ ගොස් තිබෙනවා. මෙහි පැමිණි දේශීය හා විදේශීය සංචාරකයින්ගේ වැඩිවීමක් දක්නට ලැබෙනවා.

මේ හේතුවෙන් නුවරඑළිය මහ නගර සභා සීමාවට ආසන්න ප්‍රදේශවල පිහිටි සංචාරක හෝටල් සහ නවාතැන් පොළවල්වල සියලුම කාමර පිරී ඇති බව නුවරඑළිය සංචාරක හෝටල් සංගමය පවසනවා.

නුවරඑළිය වසන්ත උද්‍යානය නැරඹීමට මෙම සංචාරකයින් පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

ඔවුන් ග්‍රෙගරි වැව, වික්ටෝරියා උද්‍යානය ඇතුළු නුවරඑළියේ ජනප්‍රිය සංචාරක ස්ථානවල වැඩි වශයෙන් ගැවසෙනවා.

සංචාරකයින්ට අවශ්‍ය සියලු පහසුකම් නුවරඑළිය මහ නගර සභාව විසින් සපයා ඇති අතර, පොලිසිය විසින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කර තිබෙනවා.

වෙනත් පුවත්

උණුසුම් පුවත්