සිරස්තල
“ඊශ්‍රායල ආක්‍රමණශීලීත්වයට දඬුවම් දීම අවසන් මොහොත දක්වාම සිදුවුණා” – ඉරානයෙන් ප්‍රකාශයක් කටාර් රාජ්‍යයේ ඇමරිකානු කදවුරකට ඉරානයෙන් ප්‍රහාර යුදමය තත්ත්වය හේතුවෙන් කටාර් ගුවන් කලාපය තාවකාලිකව වසාදමයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රධානියා ශ්‍රී ලංකාවට හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමුවහොත් ගෝලීය ආර්ථිකයට දැවැන්ත බලපෑමක් “බීමතින් රිය පැදවීම – රු. ලක්ෂ 5ක් දඩ හෝ වසර 2ක සිර දඬුවම්”: සමාජ මාධ්‍ය පුවත අසත්‍යයි නෙත්මි අහිංසාගෙන් ඓතිහාසික පදක්කමක් සිඟමනේ යෙදෙන දරුවන් බේරා ගැනීමට විශේෂ මෙහෙයුමක් ඊශ්‍රායල යුද උණුසුම මධ්‍යයේ උතුරු ඉරානයට භූමිකම්පාවක් ශ්‍රී ලංකාවේ සමරිසි අයිතිවාසිකම් යුරෝපා පාර්ලිමේන්තුවේ අවධානයට

පළමු මාස පහ තුළ ඩෙංගු රෝගීන් 20,000ක්

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ දත්තවලට අනුව, මේ වසරේ මේ දක්වා ඩෙංගු වැළඳුණු පුද්ගලයන්ගේ ගණන 19,900 ඉක්මවා ගොස් තිබෙනවා. මැයි මාසයේ පළමු සති දෙක තුළ පමණක්

මිතුරන් සමග බෙදාගන්න

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ දත්තවලට අනුව, මේ වසරේ මේ දක්වා ඩෙංගු වැළඳුණු පුද්ගලයන්ගේ ගණන 19,900 ඉක්මවා ගොස් තිබෙනවා. මැයි මාසයේ පළමු සති දෙක තුළ පමණක් රෝගීන් 2,178ක් හඳුනාගෙන ඇති බව එම ඒකකය පෙන්වා දෙනවා.

වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් වන අතර එය 640ක්. රත්නපුර දිස්ත්‍රික්කයෙන්ද රෝගීන් 386ක් හමුවී ඇති අතර, මේ වසරේ මේ වන විට ඩෙංගු හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 7ක්.

මේ තත්ත්වය සැලකිල්ලට ගෙන ඩෙංගු මදුරු ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මැයි 19 සිට 24 දක්වා විශේෂ මදුරු මර්දන සතියක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව ජාතික ඩෙංගු රෝග මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළා.

වෙනත් පුවත්

උණුසුම් පුවත්