ප්‍රධාන ට්‍රාන්ස්ෆෝමරය නිවා දමා ඇලහැර විහාරස්ථානයක සිදුවූ මහා මංකොල්ලය

ඇලහැර, ගල්මුල්ල ප්‍රදේශයේ පිහිටි ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානයට ඇතුළු වූ සොර කණ්ඩායමක්, එහි චෛත්‍යයේ සවිකර තිබූ පළිඟු චූඩාමාණික්‍යය සහ විහාර මන්දිරයේ බුදු පිළිම වහන්සේගේ තැන්පත් කර

මිතුරන් සමග බෙදාගන්න

ඇලහැර, ගල්මුල්ල ප්‍රදේශයේ පිහිටි ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානයට ඇතුළු වූ සොර කණ්ඩායමක්, එහි චෛත්‍යයේ සවිකර තිබූ පළිඟු චූඩාමාණික්‍යය සහ විහාර මන්දිරයේ බුදු පිළිම වහන්සේගේ තැන්පත් කර තිබූ රත්තරන් ඌර්ණ රෝම ධාතුව සොරාගෙන ගොස් තිබේ.

පසුගිය 13 වනදා රාත්‍රියේ මෙම සොරකම සිදුව ඇති බව බකමූණ පොලීසිය සඳහන් කරයි.

පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ඉතා සූක්ෂ්ම ලෙස සැලසුම් කර මෙම සොරකම සිදුකර ඇති බවයි. එහිදී සොරුන් විසින් ගල්මුල්ල ගම්මානයට විදුලිය සැපයෙන ප්‍රධාන සැපයුම් ස්ථානයේ (Transformer) පවතින පරිපථය විසන්ධි කර, මුළු ගම්මානයටම විදුලි බලය අක්‍රිය කිරීමෙන් අනතුරුව විහාරස්ථානයට ඇතුළු වී තිබේ.

සොරාගෙන ගොස් ඇති පළිඟු චූඩාමාණික්‍යයේ සහ රත්තරං ඌර්ණ රෝම ධාතුවේ වටිනාකම රුපියල් ලක්ෂ 6ක් පමණ වන බව විහාරස්ථානයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා බකමූණ පොලීසිය පුළුල් විමර්ශන ආරම්භ කර තිබේ.

වෙනත් පුවත්

උණුසුම් පුවත්