සිරස්තල
අවුරුදු නිවාඩුව නිමා වී ආපසු එන ජනතාවට දුම්රියෙන් විශේෂ සහනයක්: අමතර ගමන්වාර රැසක් ගල්අඟුරු ජාවාරම් සෙවීමට ජනපතිගෙන් විශේෂ කොමිසමක් ඉන්දීය උප ජනාධිපති දෙදින නිල සංචාරයකට ලංකාවට එයි මැදපෙරදිග අර්බුදයෙන් පසු පළමු බොරතෙල් නෞකාව අද දිවයිනට රුපියල් කෝටි 400ක හෙරොයින් නාවික හමුදා දැලට ප්‍රමිතියෙන් තොර අංක තහඩු ඇති වාහන අත්අඩංගුවට: රුපියල් 25,000 දක්වා දඩයක් දේශපාලනය කුමක් වුවත් ඉරානය ලෝක කුසලානයට එන්නම ඕනේ අවුරුදු සමයේ වෙළෙඳ වැටලීම් තද වෙයි: අහිතකර ආහාර විකුණූ වෙළෙඳුන් 400කට නඩු හෝමුස් සමුද්‍ර සන්ධියේ අමෙරිකානු අවහිරය දැඩි වෙයි අවුරුදු උළෙල ලේ විලක් වෙයි: දින දෙකකදී මාරක රිය අනතුරු 36ක් සහ ගැටුම් 35ක්

ප්‍රබල අකුණු පිළිබඳ අනතුරු ඇඟවීමක්

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද (14) පස්වරුවේ සිට ප්‍රබල අකුණු අනතුරු ඇති විය හැකි බවට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් රතු නිවේදනයක් නිකුත් කර තිබේ. අද පෙරවරු 11.30ට

මිතුරන් සමග බෙදාගන්න

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද (14) පස්වරුවේ සිට ප්‍රබල අකුණු අනතුරු ඇති විය හැකි බවට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් රතු නිවේදනයක් නිකුත් කර තිබේ.

අද පෙරවරු 11.30ට නිකුත් කරන ලද මෙම නිවේදනය අද රාත්‍රී 11.30 දක්වා බලපැවැත්වේ.

කාලගුණ වාර්තාවන්ට අනුව අද පස්වරු 1.00න් පසුව පහත සඳහන් පළාත් සහ දිස්ත්‍රික්කවල ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි සම්භාවිතාවක් පවතී:

පළාත්: බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත.

දිස්ත්‍රික්ක: බදුල්ල සහ නුවරඑළිය.

ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවලදී අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීම සඳහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ පහත පියවර අනුගමනය කරන ලෙසයි:

කුඹුරු, තේ වතු, ක්‍රීඩා පිටි හෝ ජලාශ අසල රැඳී සිටීමෙන් වළකින්න, රූපවාහිනී, පරිගණක වැනි විදුලි උපකරණ විදුලි පද්ධතියෙන් විසන්ධි කර තබන්න, ගිගුරුම් සහිත වැසි පවතින විට බයිසිකල්, ට්‍රැක්ටර් වැනි විවෘත වාහන භාවිතයෙන් වළකින්න, උස ගස් හෝ විදුලි රැහැන් අසල රැඳී සිටීම අනතුරුදායක විය හැකියි.

අකුණු සහ වැසි පවතින අවස්ථාවලදී එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇතිවිය හැකි බැවින්, අස්ථාවර ඉදිකිරීම් හෝ ගස් අතු කඩා වැටීම පිළිබඳව ද අවධානයෙන් පසුවන ලෙස ජනතාවට දැනුම් දී ඇත.

වෙනත් පුවත්

උණුසුම් පුවත්