සිරස්තල
හෝමුස් සමුද්‍ර සන්ධියෙන් ඉරානයට ප්‍රහාර එල්ල කිරීමට කිසිවෙකුට ඉඩ දෙන්නේ නැහැ – ඉරාන විදේශ අමාත්‍යාංශය මෙවර අලුත් අවුරුද්දට පොදු නැකැත් සීට්ටුවක් 2026 ඔස්කාර් සම්මාන උළෙල: හොඳම නළුවා මයිකල් බී. ජෝර්ඩන් ඩ්‍රෝන ප්‍රහාරයක් හේතුවෙන් ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ මෙහෙයුම් තාවකාලිකව නවතී රුපියල් බිලියන 3ක හෙරොයින් සමඟ බහුදින යාත්‍රාවක් දික්ඕවිටට, බේරුවලදී තවත් වැටලීමක් රුපියල් බිලියන 10ක දැවැන්ත මත්ද්‍රව්‍ය සහ ගිනිඅවි තොගයක් නාවික හමුදා භාරයට අමෙරිකානු ඉන්ධන පිරවුම් යානයක් ඉරාකයේදී කඩාවැටෙයි, ප්‍රහාරයේ වගකීම සන්නද්ධ කණ්ඩායමක් භාර ගනී නව තානාපතිවරුන් 10කට පාර්ලිමේන්තු අනුමැතිය: ප්‍රධාන රටවල් රැසක රාජ්‍යතාන්ත්‍රික වගකීම් අලුත් වෙයි නිල් මහා සටනේ 147 වැනි අභියෝගය අද ඇරඹෙයි සාමය සඳහා ඉරානයෙන් කොන්දේසි 03ක්

පානදුරේදී අත්පා ගැටගැසූ මළ සිරුරක් හමුවේ

පානදුර – කොළඹ පරණ පාර අසල අත්පා ගැටගසා ඝාතනය කර තිබූ පුද්ගල මළ සිරුරක් අද (03) උදෑසන පානදුර දකුණ පොලිසිය විසින් සොයාගෙන තිබේ. මියගිය පුද්ගලයාගේ

මිතුරන් සමග බෙදාගන්න

පානදුර – කොළඹ පරණ පාර අසල අත්පා ගැටගසා ඝාතනය කර තිබූ පුද්ගල මළ සිරුරක් අද (03) උදෑසන පානදුර දකුණ පොලිසිය විසින් සොයාගෙන තිබේ. මියගිය පුද්ගලයාගේ සිරුර මහමග දමා ගොස් තිබියදී හමුවී ඇති අතර, මෙය සැලසුම් සහගත ඝාතනයක් බවට පොලිසිය සැක කරයි.

මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ පානදුර උතුර, ඥානසේන මාවතේ පදිංචිව සිටි 37 හැවිරිදි පුද්ගලයෙකු බවයි. අත් සහ පාද තදින් ගැටගසා තිබීම හේතුවෙන්, ඔහුව වෙනත් ස්ථානයකදී ඝාතනය කර පසුව මෙහි ගෙනැවිත් දමන්නට ඇති බවට සාක්ෂි පවතී.

මෙම ඝාතනය සිදු කළ පුද්ගලයන් හෝ ඒ සඳහා හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. සිද්ධිය සම්බන්ධයෙන් පානදුර දකුණ පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, ප්‍රදේශයේ ආරක්ෂිත කැමරා (CCTV) දර්ශන පරීක්ෂා කිරීමට ද පියවර ගෙන ඇත.

වෙනත් පුවත්

උණුසුම් පුවත්