සිරස්තල
ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ ඉෂාරා සෙව්වන්දිගේ මව මියයයි Air India ගුවන් අනතුරට හේතුව එන්ජින් ඉන්ධන සැපයුම කපා හැරීම බව මූලික වාර්තාවක් කියයි. එරික් මේයර් ශ්‍රී ලංකාවේ නව ඇමෙරිකානු තානාපති ධුරයට යෝජනා වෙයි මස්ක්ගේ දේශපාලනය ටෙස්ලාට ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සමාන මුදලක් අහිමි කරයි ෂී ජින්පිං කොහේද? චීනයේ තිරය පිටුපස ඇති බල අරගලය කුසල්-පැතුම් පිතිහරඹයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 7ක ජයක් YouTube වෙතින් ප්‍රතිපත්ති යාවත්කාලීන කිරීමක් පිල්ලෙයාන් පාස්කු ප්‍රහාරය ගැන පූර්ව දැනුවත්භාවයෙන් සිටි බවට අනාවරණයක් ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු ‘කෙහෙල්බද්දර පද්මේ’ අත්අඩංගුවට පාලමක් කඩා වැටීමෙන් පුද්ගලයන් 10ක් මරුට

පාස්කු උත්සව සමයේ ආරක්ෂාව තර කිරීමට පියවර

පාස්කු උත්සව සමයේ ආරක්ෂාව තර කිරීමට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි. කිතුනු බැතිමතුන්ගේ පාස්කු උත්සවයේ දේව මෙහෙයන් 2025 අප්‍රේල් 18 සහ

මිතුරන් සමග බෙදාගන්න

පාස්කු උත්සව සමයේ ආරක්ෂාව තර කිරීමට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි.

කිතුනු බැතිමතුන්ගේ පාස්කු උත්සවයේ දේව මෙහෙයන් 2025 අප්‍රේල් 18 සහ 20 යන දිනවල පැවැත්වෙන බැවින් එම දිනවල බැතිමතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ පොලිස් ආරක්ෂාවක් යෙදවීමට නියමිතය.

ඒ සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් සියලුම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, කොට්ඨාස භාර නිලධාරීන් ඇතුළු සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන්ට උපදෙස් ලබා දී ඇත.

බැතිමතුන් වැඩි වශයෙන් පැමිණිය හැකි දේවස්ථාන හඳුනාගෙන එම ස්ථානවල සහ ඒ අවට ආරක්ෂාව තහවුරු කිරීමත් ප්‍රධාන දේව මෙහෙයන් පැවැත්වෙන දේවස්ථාන සඳහා විශේෂ අවධානයක් යොමු කර ආරක්ෂක පියවර ගන්නා ලෙසත් වැඩබලන පොලිස්පතිවරයා වැඩිදුරටත් උපදෙස් ලබා දී ඇති අතර මේ සඳහා පොලිස් නිලධාරීන්, විශේෂ කාර්ය බළකාය සහ ත්‍රිවිධ හමුදා නිලධාරීන් රාජකාරියේ යෙදවීමට තීරණය කර තිබේ.

වෙනත් පුවත්

උණුසුම් පුවත්